ජනවාරියේදී රට බංකොළොත් – හර්ෂ ද සිල්වා

ලබන වසරේ ජනවාරි මාසය වනවිට ගෙවන්නට තිබෙන විදෙස් ණය වාරික සහ පොලිය ගෙවූ පසු, දැනට තිබෙන විදෙස් සංචිතයෙන් ඉතිරිවන්නේ ඩොලර් මිලියන 140 ක් නිසා, එලබෙන ජනවාරිය වනවිට රට බංකොළොත් වීමේ අනතුරක ඇතැයි, අයවැය විවාදයට එකතුවෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

එලබෙන පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ගෙවිය යුතු ණය වාරික වටිනාකම සහ ණය පොලියේ වටිනාකම ඩොලර් මිලියන 4843ක් වුණත් මෙම මාසය අවසන් වනවිට අපසතුව ඇත්තේ ඩොලර් මිලියන එකසිය හතලිහක් නිසා, ඉතිරිය ඩොලර් මිලියන සෘණ 4700 බවද, එනිසා රට බංකොළොත් තත්ත්වයට පත්වීමේ අනතුරක් පවතින බව පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා පැවසීය.

Social Sharing
නවතම