කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පවුම් 1000ක්!

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව දැනුම ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමයෙන් මුදල් ලබා ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි  “ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ප්‍රජාව අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබදව දැනුම්වත් කිරීම” යන තේමාව යටතේ එම විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් සැලකිල්ලට ගෙන එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා බ්‍රිතාන්‍ය පවුම් 1000 ක පර්යේෂණ ප්‍රදානයක් ලබා දීමට පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමය විසින් එකගතාව පළ කර ඇති බවයි.

ඒ අනුව එම ප්‍රදානය පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සංගමය වෙතින් ලබා ගැනීම සදහා ආරක්ෂක අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව දෙසැම්බර් 6 වැනි සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත්  නිවේදනය කර ඇති පරිදි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 50 ට වැඩි ප්‍රමාණයක් තුළ 500ට අධික සාමාජික ආයතන ප්‍රමාණයක්  සහිතව පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය පිහිටුවා ඇති අතර එය 1913 වර්ෂයේදී ආරම්භ කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සහ ඊට පරිබාහිරව වාසය කරන පුද්ගලයන්ගේ සහ සමාජයන්ගේ යහපත උදෙසා උසස් අධ්‍යාපනයේ විශිෂ්ඨත්වය වැඩිදියුණු කිරීම සහ සහාය ලබා දීම මෙම සංගමයේ මෙහෙවර වශයෙන් හදුනාගෙන තිබේ.

Social Sharing
නවතම