මාධ්‍යවේදීයෙක් අත්අඩංගුවට ගතහොත් කළ යුතු දේ ඇමති ඩලස් කියයි.

ඉදිරියේ දී ජනමාධ්‍ය හැඳුනුම්පත සහිත කෙනෙකු කිසියම් වරදකට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්විට එය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂාවරයා වෙත අනිවාර්යෙන් දැන්විය යුතු බව ජනාමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අමාත්‍යවරයා මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පැමිණිලක් මත ආරම්භ කළ විමර්ශනයකට අදාළව කර්තෘවරුන් දෙදෙනෙකු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබිණි.

එයත් සමඟ දිගින් දිගටම මේ ගැන කතාබහට ලක්වූ අතර මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම සහ අපහසුතාවට පත්වීම වැනි තත්ත්වයන් ඉදිරියේදී කිසිඳු ආකාරයකින් සිදු නොවන බවට දිගින් දිගටම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අගහප්පෙරුම සහතික වූ අතර පසුව ඔහු මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මේ අතර මාධ්‍යවේදීන් අපහසුතාවයට පත් වන අකාරයෙන් කටයුතු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාටද දන්වා තිබුණි. ඒ් අනුව පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළ බවද පොලිස් මුලස්ථානය මාධ්‍ය වෙත දන්වා තිබුණි.

මේ අතර මාධ්‍ය සංවිධාන එකතුව විසින්ද මෙම සිද්ධියට දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

ශානි

Social Sharing
නවතම