ලොකු ළුණු බීජ වංචාවක් නිසා ගොවීන් අසරණ වෙයි!

ලංකා ලොකු ළුණු (දේශිය) බීජ යැයි පවසමින් අඩු මුදලට ලබාගත් ළුණූ බීජ ව්‍යාජ ඇසුරුම් වල යොදා වැඩි මුදලට අලෙවි කළ ගලෙන්බිදුනුවැව කෘෂිකර් ම උපදේශණ  නිලධාරීන් හේතුවෙන් ලොකු ළුණු ගොවීන් කබලෙන් ළිපට වැටී ඇති බව වාර්ථා වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශය ලේකම් බල ප්‍රදේශයේ දුටුවැව පෙරුට්ටුපොලගම දුටුවැව 11 සහ 12 කොටස ගැටලාව හුරුලුගම කිවුලේකඩ ඇතුලු ගම්මාන රැසක් වී වගාවට දෙවන නොවන පරිදි පසුගිය යළ කන්නයේ ලොකු ළුූනු වගාවට මුල පුරා දැනට මාස හතරක් පමණ ගතවි ඇතත් ගොවින්ගේ අස්වැන්න සාර්ථක නැති බව ඔවුන් පෙන්වා දුන්හ.

සෑම වර්ෂයකම ස්වභාවික විපතක් හැරෙන්නට ලොකු ළූණු වගාවෙන්  සාර්ථක අස්වැන්නක් නෙලන දුටුවැව පෙරටුපොලගම ඇතුළු ගම්මාන රැසෙහිම ලොකු ළූණු ගොවියන් මෙම තත්ත්වයට පත්කර ඇත්තේ ස්වභාව ධර්මය නොව ගොවිතැන පිළිබඳව ගොවියා පිළිබඳව වගකිය යුතු රාජ්‍ය ආයතනයක් වන ගලෙන්බිදුනුවැව කෘෂිකර් ම උපදේශණ කාර්යාලයේ නිළධාරින් පිරිසක් බවට ගොවීන් චෝදනා නගති.

කොරෝනා වසංගතයෙන් පිඩාවට පත්වු ගොවින් විවිධ කම්කටලු මැද වෙනත් වර්ෂයන් මෙන්ම මේ වර්ෂයේද ළුුනු අස්වැන්න පිළිබඳව දැඩි විශ්වාසයක් තබා විශාල මුදලක් විය පැහැදම් කොට ලොකු වගාව සිදුකර තිබේ.

කෘෂි රසයනික නොමැති පසුබිමක් තුළ කළුකඩ මුදලාලිලා ගෙන් රුපියල් 4500-5500 ක් වැනි මුදලකට පොහොර හා කෘමි නාශක  මිලදී ගෙන ඩීසල් හා භුමීතෙල් ඉහළ මිලකට ලබාගෙන වගා ළිං ඇසුරෙන් ජලය පොම්ප කර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උත්සහ කළත් ව්‍යාජ බීජ හේතුවෙන් ඔවුන්ට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිව තිබේ.

වසර ගණනාවක සිට ප්‍රදේශයේ පවතින රජයේ අනුමැතියලත්  ලොකු ළුූණු බීජ නිෂ්පාදකයන් වන ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ මයිලගස්වැව ශක්ති නිෂ්පාදන සමිතිය මගින් පිටපලාත් වලින් පවා පැමිණෙන ගොවින් ලොකු ළුූණු බීජ ලබා ගන්නා අතර මයිලගස්වැව ශක්ති නිෂ්පාදන සමිතිය හා ලොකු ළුුණු ගොවින් අතර විශාල විශ්වාසයක් පැවති බව ගොවින් පවසති.

වසර කරනාවක් ආයතනය සහ ගොවියන් අතර ඇතිවූ විශ්වාසය මත සාර්ථක අස්වැන්නක් නෙළා ගත් ගොවීන් මෙවර අසාර්ථක වන්නේ  ගලෙන්බිදුනුවැව කෘෂිකර්ම උපදේශණ කාර්යාලයේ නිළධාරින් මැදිහත් වීමෙන් බව ගොවීන් චෝදනා කළහ.

මෙවර ලොකු ළුූණු බීජ ගොවීන්ට ලබා දීමෙදී ගලෙන්බිදුනුවැව කෘෂිකර්ම උපදේශණ කාර්යාලයේ නිළධාරින් ලංකා ළුුණු බීජ යැයි පවසා අඩු මුදලකට ගත් ව්‍යාජ වර්ගයක් ඉහත ගොවි සංවිධානය සතු ඇසුරුම් භාවිතා කොට අසුරා අඩු මුදලට විකුණා වංචාවක් සිදුකර තිබෙනා බව ගොවින් පැවසූහ.

ඉන්දියානු ලොකු ළුූණු බීජ කිලෝවක් රුපියල් අටදහසක් දහ දහසක් අතර මුදලකට වෙළඳපොලේ ලබා ගැනීමට හැකියාව තිබුණත් එම බීජ වලට ළුූණු ගොවීන් රුචිකත්වයක් නොදක්වන්නේ එහි අස්වැන්න අඩු ස්වභාවයක් සහ අස්වැන්නට ලැබෙන මුදල අඩුවීම අස්වැන්න නෙලීමට යන යන කාලය වැඩි නිසා හා අස්වනු කල් තබා ගත නොහැකි වීම හේතුවෙන් බව ගොවින් පෙන්වා දුන්හ.

වැඩි අස්වැන්නක් හා වැඩි ආදායමක් මෙන්න අඩු කාලයක් තුළ අස්වැන්න නෙලා ගත හැකි ලංකා ලොකු ළුූනු බීජ කිලෝවක මිල 20000 -25,000 අතර මිලක් පැවතියත් ලැබෙන අස්වැන්නෙන් සිය ආදායම වැඩි කර ගත හැකි බවට වසර ගණනාවක සිට තමන්ට විශ්වාසයක් ඇති බව ගොවීන් පෙන්වා දෙති.

කෙසේවෙතත් ගලෙන්බිදුණුවැව ගොවි ජනපදය පුරා ළුූනු බීජ කිලෝ පන්සියයකට වැඩි ප්‍රමාණයක් ගොවීන් වගා කර තිබෙන අතර මේ වන විට අස්වනු නෙලමින් සිට ගොවින්ගේ අස්වනු අඩු තත්වක් දක්නට ලැබේ.බීජ වල යම් ජාන විකෘර්ති තත්වයක් මත අස්වණු වල හැඩය ප්‍රමාණය වර්ණය වෙනස් බව ගොවින් පෙන්වා දෙති.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට සිදුවූ පාඩුව පියවා ගැනීමට නොහැකි වන්නේ නම් තමන් දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බවත් එසේ වුවහොත් ගොවීන්ගේ පාඩුව පියවා ගැනීමට අදාල බලධාරීන් මැදිහත් වීමක් අවශ්‍ය බවයි.

anion

 

 

 

 

 

 

 

 

 

 

anion

 

 

 

 

 

 

 

 

 

 

anion

 

 

 

 

 

 

 

 

 

 

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම