කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!

මේ වන විට අග නගරයේ  කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක් බලපා ඇති බව  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම  ඊට බලපා ඇති ප්‍රධානතම හේතුව බව ඔවුන් කියා සිටියි.

” හැබැයි අපි කියන් නෑ අඩු වෙලා කියලා. අඩු වෙමින් පවතිනවා. ඒ කියන්නේ ආසාදිතයන් වැඩි වීමේ සීඝ්‍රතාව  අඩුවෙලා කිව්වොත් විද්‍යාත්මකව ඒක හරියටම හරි  යැයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් ඊයේ ( 20 )  කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩුවීමට බලපාන අනෙකුත් හේතු  දෙක ලෙස  වෘත්තියවේදියා පෙන්වා දෙන්නේ  එන්නත්කරණය හා වැඩි දෙනෙකු මේ වන විටත්  කොවිඩ් ආසාදිතයන්  බවට පත්ව තිබීමයි.

මේ වන විට පරීක්ෂණ ප්‍රමාණය අඩුකිරීම හේතුවෙන් දැනට ඇති වෙමින් පවතින තත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන රවී කුමුදේශ් අවධාරණය කරන්නේ  ඒ නිසාම වසංගතය නැවත වැරදි ලෙස පුරෝකථණය වීමේ අවදානමක් පවතින බැවින්  එය නැවත කොවිඩ් රැල්ලකට හේතුවක්ද විය හැකි බවයි.

කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සෘජුවම වග කිවයුතු වන අතර, රටට පැමිණීමට නියමිත නව තාක්ෂණය සහ පරීක්ෂණ පහසුකම් වැලැක්වීමට හා ප්‍රමාද කිරීම සදහා ඔහුගේ  තීරණ හේතු වී ඇති බවටත් රවී කුමුදේශ් චෝදනා කරයි.

 

 

Social Sharing
නවතම