ඇමති ලොහාන්, බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් CID යට පැමිණිල්ලක්!

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන් පිරිසකට මරණීය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට හා එම තොරතුරු වසන් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක යන තිදෙනා අත්අඩංගුවට ගන්නා  ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අද (16) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා හා එහි ලේකම් සුදේශ් නන්දිමාල් මහතා විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

එම පැමිණිල්ලෙන් කියා ඇත්තේ පහුගිය සැප්තැම්බර් 12 දා සවස බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ගිය හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා දෙමළ සිරකරුවන් අට දෙනෙකු සිරකුටි වලින් පිටතට  ගෙන ඇති බවත් එහිදි සුලක්ෂන් නැමැති සිරකරුවාගේ හිසට පිස්තෝලයක් තබා ඔහුගේ  නඩුවේ සඳහන් කරුණු කියමින් මරණිය තර්ජන කළ බවය.

ලොහාන් රත්වත්තේ මහතා හැසිරි ඇති අකාරයට අනුව මෙය පීඩාකාරී ආයුධ පනතේ වරදක් බවත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව මීනි මැරුම් චෝදනාවක් මෙහි පවතින බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේද වරදක් බවත් බන්ධනාගාර ආඥා පනත යටතේද වරදක් සිදු කර ඇති බව මෙම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

ඒ් අනුව මොහු සිදු කර ඇති වැරදි අඅනුව වරෙන්තුවක් නොමැතිවම පොලිසියට අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇතැයි පෙන්වා දී සිටින නීතිඥ සේනක පෙරේරා මහතා පවසන්නේ ලොහාන් රත්වත්තේ මහතාට මෙම අපරාධ කිරිමට ආධාර අනුබල දීම යටතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාද වරදක් කර ඇති බවය.

ඔහු බන්ධනාගාර රැඳවියන්ව සිතාමතාම අනාරක්ෂිත බාවයට පත් කර ඇති බව පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත. එමෙන්ම මෙම සිද්ධිය යටපත් වන ආකාරයෙන් ඔහු මෙන්ම ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයාද මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බවත් මෙය සත්‍ය තොරතුරු වසන් කිරිමක් බවත් ඒ් නිසා වහාම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

senaka senaka senaka

ශානි

Social Sharing
නවතම