රාජ්‍ය ඇමති ලොහාන්ගේ හැසිරීම ජාත්‍යන්තරය හෙළා දකියි!

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා පැන කළහාකාරී ලෙස හැසීරිමේ සිද්ධිය නිසා මේ වන විට ඔහුට එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව තිබේ..

ඔහු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් වුවද ඔහු තවමත් රාජ්‍ය ඇමතිවරයෙකි. ඒ් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටය.

වැලිකඩ බන්ධනාගාරයට සුරූපීනියන් සමඟ රාත්‍රියේ එල්ලුම් ගහ බැලීමට යාමටත් වඩා මේ වන විට ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනාව බරපතලය. ඒ් අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් පිරිසක් සිරකුටි වලින් එළියට ගෙන දණ ගස්සවා ඔවුන්ගේ හිසට පිස්තෝල තැබීමය.

විශේෂයෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ අංක 140 දරණ සිරකරුවාට අමානුෂික ලෙස සලකා ඇති මොහු පිලිබඳව මේ වන විට දෙමළ දේශපාලන පක්ෂද රජයෙන් ඉල්ලා සිටින්නේ වහාම පරික්ෂණයක් සිදු කර දඬුවම් සිදු කළ යුතු බවටය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නියෝජිතවරිය  වන හනා සිංගර් හමීඩ් මහත්මිය මේ සිදුවීම තරයේ හෙළා දැක ඇත.

ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ මැන්ඩෙලා නීතියට අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බවය.  බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය පිළිබඳ වැඩසටහන් වලදී මේ සියලු දෙනාගේ ආරක්ෂාව ශක්තිමත් කිරිමට ඔවුන් කටයුතු කරන බවය.

( https://twitter.com/SingerHanaa/status/1437985285980123141)

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන සියලුම රටවල් සිරකරුවෙකුට සැලකිය යුතු අවම තත්ත්වයන් පිලිබඳ වු යෝජනාව ( මැන්ඩෙලා නීතිය) සම්මත කර ගෙන සිටියි. ශ්‍රි ලංකාවද ඒ් අතර සිටින නමුත් මැන්ඩෙලා ප්‍රමිතීන් වල අවම ත්ත්වයක්වත් නැති බව පහුගියදා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය විසින්ද අනාවරණය කර තිබුණි.

ජීනිවා හිදි මානව හිමිකම් සැසිය පැවැත්වෙන සමයක මෙලෙස ලංකාව කටයුතු කර තිබීම ලංකාවට විශාල අපකීර්තියක් ගෙන දෙන කරුණක් බව නොරහසකි.

 

ශානි

Social Sharing
නවතම