ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා

රට වසා  දැමීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවට මුදල් නැති බව කීමෙන් පලක් නොවන අතර මීට හේතුව ආණ්ඩුවේ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය බව  එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි.

තවදුරටත් ආණ්ඩුවට සෘජු තීරණයක් ගැනීමට නොහැකි නම් ජනතාව ලෙස ස්වයං වසා ගැනීමකට යා යුතු වන බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ අවම සති දෙකක හෝ වසා දැමීමකට යා  යුතු බවය.

තවදුරටත් පවුලක් රැක ගැනීම වෙනුවෙන් බිලි බෝයිස්ලා විය නොහැකි බව ඔහු අවධාරණය කර සිටියි.

කන්න බොන්න නැති වෙයි කියා මිනිසුන්ව නිකරුණේ බය නොකරන ලෙසත් මිනිස්සු තවදුරටත් ඔය බයිලා අහලා, ඔය පවුල පස්සෙන් ගිහිල්ලා මිනිස්සු මැරෙන්න සූදානම් නැතැයිද ඔහු කියා සිටියි.

කන්න බොන්න නැති  වුණොත් බැරිවෙලාවත් බෙහෙත් ටික නැති වුණොත් මිනිස්ස්සු ආයේ බලන් නොසිට පාරට බැස තමුන්නැහෙලාව එලවන බවත් කියා සිටින ඔහු පෙන්වා දෙන්නේ එසේ එලවීමෙන් පසු  කරන්න පුළුවන් කෙනෙකුට රට බාර දීම බවය.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන්නේ සම්පූර්ණයෙන්ම බෙලහීන ආණ්ඩුවක් බවද, ආණ්ඩුව ඕජස් ගලන මළ මිනියක් බවට පත්වී ඇති බවත් එය වැසීමට දැන් කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවත් ඔහු කියා සිටියි.

මේ නිසා මිනිසුන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් ඔවුන් විසින්ම තීරණ ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (19) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ශානි

Social Sharing
නවතම