කොවිඩ් නිසා ගුරු උද්ඝෝෂණ එපා කීවත් රජය සඳහිරු සෑයේ උත්සවය ජයටම කරයි?

වැටුප් විෂමතාවට වහා විසඳුම් දෙන ලෙස බලකරමින් මේ දිනවල රටේ විවිධ ප්‍රදේශ වල  ගුරු විදුහල්පති විරෝධතා පැවැත්වේ.  ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වු ගුරු විදුහල්පතිවරුන් 42 ක් අත්අඩංගුවට පත් වුවේද ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවට චෝදනා නගමිනි.

අත්අඩංගුවට පත් වු එම පිරිස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ අතර සියලු දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී තිබුණි.

පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම කර තිබුණේ උද්ඝෝෂණ්‍ය අතරතුර නොව අවසන් වී නිවසට යාමට සුදානම් වු අවස්ථාවේදී වීමද සුවිශේෂි කරුණකි.

අද රජයේ මාධ්‍ය නාලිකා වල පවා කථා කරන්නේ මේ ගුරුවරුන්ගේ විරෝධතා නිසා ගුරු කොවිඩ් පොකුරක් නිර්මාණය වන බවටය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතාද කියා සිටියේ තමන්ගේ ආදරණියන් දුකට පත් නොකර මේ උද්ඝෝෂණ නවතාලන ලෙසටය.

නමුත් මෙහිදි රජය අමතක කළ කරුණක් ඇත. ඒ් මේ ජනතාවට කොවිඩ් පිලිබඳ ඇති භිය සැක අහිමි කලේද රජය විසින් බවය. රජයේ අවශ්‍යතා අනුව විවිධ උත්සව රට පුරා පැවත්වෙද්දි රටේ සාමාත්‍ය මහජනතාවට පමණක් ඒ් අයිතිය අහිමි කිරිම අසාාරණය.

නිදසුනක් ලෙස ගතහොත් පහුගිය සමයේ කතරගම පෙරහැර පැවැත් වු අතර එය නැරඹිමටද විශාල පිරිසක් කොළඹින් කතරගමට ගිය බව නොරහසකි. කතරගම ජනයාට තහනම් වු පෙරහැර කොළඹ ජනතාවට විවෘත වී තිබුණි.

එසේම මේ වන විට රජය විසින් දිවයින පුරා විශේෂ ආගමික වැඩසටහනක්ද පැවැත්වීමට සුදානම් කර ඇත. ඒ් ආරක්ෂක අමාත්‍යාංශය විසිනි.

අනුරාධපුරයේ අභිනවයෙන් ඉදිවෙන සඳහිරු සෑයට තැන්පත් කිරිමට නියමිත කොත් වහන්සේ හා චූඩා මාණික්‍යය ලංකාවේ සියලු දෙනාටම වැඳ නමස්කාර කර ගැනීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට දිස්ත්‍රික්ක 19 ක සංචාරය කරවීමට සුදානම් කර ඇත.

මෙය ආගමික වැඩසටහනක් නිසා කොවිඩ් බෝ වීමක් සිදු නොවිය හැකි බව සහතික විය හැක්කේ කාටද? රජය රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න /ගැටලු කථා කිරිම කොවිඩ් නිසා යැයි මර්දනය කරනවා නම් මෙවැනි උත්සව කොවිඩ් වෛරසය භයානක අවස්ථාවක සිදු කිරිම කාලෝචිතද? යන්න විමසිය යුතුව ඇත.

ශානි

Social Sharing
නවතම