උද්ඝෝෂණයට පිලිතුර අත්අඩංගුවට නම් සටන ත්‍රීව වෙයි – NTUC

ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ නියුතු වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගෙන නිරෝධායන නීතියට මුවා වී සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම ආණ්ඩුවේ පිළිතුර නම් ප‍්‍රජාතන්ත්‍රවාදී ලෙස සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට සිදු වන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසයි.

එහි සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

ඔහු පවසන්නේ වසර 24 ක් පුරා නොවිසඳන ලද ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ නියුතු වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගෙන සිරගත කිරිමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවය.

එසේ අත් අඩංගුවට ගෙන නිරෝධායන නීතියට මුවා වී සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම ආණ්ඩුවේ පිළිතුර නම් ප‍්‍රජාතන්ත්‍රවාදී ලෙස සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස සිදු වෙන බවද එම නිවේදනයෙන් අවධාරණය කර සිටියි.

එහෙයින් මෙම අත්අඩංගුවට ගත් සියලූ ගුරු – විදුහල්පතිවරුන් හා වරියන් වහාම නිදහස් කරන ලෙසත්, ගුරු ගැටළුට සාධාරණ විසඳුමක් ඉරිදිපත් කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ශානි

Social Sharing
නවතම