අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව – හර්ෂ ගුණසේන

The need for a new political dialogue in Sri Lanka - Harsha Gunasena

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින් දේශීය සම්පත් විදේශ සමාගම් වලට නොවිකුණන බවට පොරොන්දු වෙමින්ද බටහිරට එරෙහි ජනමතයක් නිර්මාණය කරවමින් බටහිර රාජ්‍යයන්ට ලංකාව නතුවීමේ ව්‍යාජ මතවාදයක් ඉදිරියට ගනිමින්ද රට සංවර්ධනය සඳහා ශක්තිමත් පාලනයක අවශ්‍යතාව අවධාරණය කරමින් ඒ සඳහා බලයේ කේන්ද්‍ර ගත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ද වර්තමාන පාලක පන්තිය යුද ජයග්‍රහණයෙන් පසුව රඟ දැක්වූ නාටකයේ තර්කානුකූල අවසානයකට අපි පැමිණෙමින් සිටිමු. රට…

Read More

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!

Udaya Gammanpila increasing fuel prices

කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම පිලිබඳ ඊයේ දවස පුරා විවිධ පාර්ශව කථා කරන්නට විය. මෙහිදි පොදුජන පෙරමුණ කෙලින්ම ඇඟිල්ල දිගු කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලටය. ඒ ඔශු හිතුමතේ මේ මිල වැඩි කර ඇති බව පවසමිනි. නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ තමන්ට තනියම මිල ඉහළ දැමීමට තරම් පිස්සුවක් නැති බවය. කෙසේ නමුදු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පොදුජන පෙරමුණ පවසන්නේ අමාත්‍යවරයා සිය…

Read More

Mangala Samaraweera | මිල සූත්‍රය තිබුණා නම්

Read More

රාජ්‍ය ණය : ජපානය සහ ග්‍රීසිය අතර ඇති වෙනස සහ ශ්‍රී ලංකාවේ ස්ථාන ගත වීම

government debt in sri lanka harsha gunasena

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම ප්‍රතිශතය 266% කි. තුන්වෙනුව සිටින්නේ සුඩානය වන අතර හතරවෙනුව  සිටින්නේ ග්‍රීසිය යි. එරටට  අදාල ප්‍රතිශතය 206% කි. ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ සිටියි. අදාල ප්‍රතිශතය 101% කි. ජපානය ශ්‍රී ලංකාවටත්  සංවර්ධන ණය දෙන දියුණු රාජ්‍යයකි. ග්‍රීසියද සංවර්ධනය වූ රටකි. එහි එක පුද්ගල අදායම (රටේ සමස්ත නිෂ්පාදනය රටේ ජනගහනයෙන් බෙදු විට ලැබෙන අගය) ලෝක බැංකු වාර්තා…

Read More

කොයි ආණ්ඩුවත් ණය ගත්තා නමුත් වර්තමාන ණය අර්බුදය සුවිශේෂයි!

patali champika ranawaka current economic situation in sri lanka

අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න ‌රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මෙය බරපතල තත්ත්වයක් බවද ඔහු පෙන්වා දෙයි. කොයි ආණ්ඩුව යටතේත් ණය ගත් බවත් නමුත් වර්තමාන ණය අර්බුදයේ සුවිශේෂත්වයක් ඇති බව ඒ මහතා කියයි. අප වසර 70 ක් පුරා ණය ගත් බවත් එහිදී සිදු කළේ ගත් ණය පියවන්න තවත් ණය ගත් බවය. නමුත් 2020 වසරේදී ගත් ණය පියවීමට ණය ගැනීමට නොහැකි වී ඇති බව පවසන…

Read More

“නොහිතන බලවේගයක් පැමිණිය හැකියි!” – හිටපු ඇමති මංගලගෙන් අනතුරු ඇඟවීමක්!

Mangala Samaraweera economic and political situation sri lanka

1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි. අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය බංග්ලාදේශයට වඩා තුන් ගුණයක් ඇති නමුත් අපි අද බංග්ලාදේශයෙන් මුදල් බල්ලා ගන්න තැනට බංකොලෙතේ වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි. එසේම අද වෘත්තීමය හිඟන්නන් බවට අද මෙරට පත් වෙමින් පවතින බවත් මෙරටදී නැවක් ගිනිගත් විට ඉඳලා හිටලා හරි එහෙම දෙයක් වෙන එක හොඳයි කියන තැනට අද දේශපාලඥයින් පත්ව ඇති බවත් මෙයින් පෙනෙන්නේ රටේ ඇති බංකොලොත්භාවය බවද…

Read More

Mangala Samaraweera | විපක්ෂයේ හිඩැස පුරවන්නට නොහිතන බලවේගයක් එන්නට පුලුවන්

Read More

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය!

Policy on elimination of trade deficit sri lanka harsha gunasena

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ තිබෙන්නේ අවාසි සහගත වෙළෙඳ ශේෂයකි.  මෙය තරමක් දුරට සමනය වන්නේ විශේෂයෙන්ම පිටරට වෙසෙන ශ්‍රමිකයන් එවන මුදල් සහ සංචාරක ආදායම වැනි වෙනත් ලැබීම් වලිනි. මේ සියල්ල එකතු…

Read More

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන

Budget deficit and public debt in sri lanka

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල් වලින් හෝ අඩුවෙන් ලැබූ ආදායම නිසා ආර්ථිකයේ වර්ධනයක් නොවීමයි. අඩුවෙන් ආදායම ලැබෙන්නේ බදු අඩු කිරීම නිසාය. ව්‍යාපාරිකයන්ට බදු අඩු කිරීම මගින් ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ ගොස් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වැඩිපුර ප්‍රාග්ධන වියදම් කිරීම මගින් ආර්ථිකය ප්‍රසාරණය වේ. එබැවින් අඩුවෙන් ආදායම් ලැබීම නිසාද වැඩියෙන් වියදම් කිරීම නිසාද යම් හෙයකින් ආර්ථිකයේ ප්‍රමාණාත්මක වර්ධනයක් වූවා…

Read More

එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විරෝධයක්!

minister of finance sri lanka Ajith Nivard Cabraal lockdown curfew

පවතින ‌කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම  නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැඩි ලෙස විරෝධය පළ කර සිටියි. ඔහු පෙන්වා දෙන්නේ රට වැසුවහොත් සිදුවන පාඩුව අතිමහත් බවත් ඒ නිසා රට  නොවසා කොවිඩ් පාලනය කර ගන්නා ලෙසත් මේ තීරණය ගැන දෙවරක් සිතා බලන ලෙසත්ය. දිවයින පුරා පසුගිය (13) දා සිට 16  දින…

Read More