පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. සිය 14 හැවිරිදි දියණියට පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 16 වෙනි දිනය. 17 වෙනි දින අලුයම පොලිස් සිර මැදිරිය තුලදි ඔහු ඇඳ සිටි කමිසයෙන් ගෙල වැලදා ගැනීමට උත්සහ කර ඇති අතර එහිදි ඔහුව ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇතත් ඒ වනවිටත් මිය ගොස් ඇති බව පැවසේ. මෙසේ මිය ගොස් තිබුණේ පනාමුර, වැල්ලේපොතයාය පදිංචි කරලහින්ගේ ඉන්දික…
Read MoreTag: sarath weerasekara contact number
විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන්ට මියයනතුරු දෙනවා කියු දීමනා කෝ?
වර්තමාන රජය බලයට පත් වන විට ජනතාවට විවිධ දේශපාලන පොරොන්දු ලබා දුන්හ. ඒ අතර පොලිස් රණවිරු ආබාධිත පිරිසට මියෙනතුරා දීමනා හා ගෙවීම් කරන බවද විය. නමුත් තවම එය ඉටු වී නැත. මේ නිසා පොලිස් ආබාධිත රණවිරු සංගමය පහුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමු විය. වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන් හට මියයන තුරා දීමනා ගෙවීම සදහා වර්තමාන රජය මෙම වසරේ ගත් තීන්දුව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය පිලිබඳ මෙහිදි අමාත්‍යරයාගේ අවධානයට ලක් කර ඇත. එසේ වීමට තාක්ෂණික ගැටලු බලපා ඇති බව…
Read Moreපොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනා සය මසකින් ඉබේ අවලංගු වන ක්‍රමයක්!
පොලිස් නිලධාරීන්ට ඇති දීර්ඝ කාලීන චෝදනා පත්‍ර සියල්ල මාස හයක් ඇතුලත විභාග කර අවසන් නොකළහොත් ඒවා ඉබේ අවලංගු වන ක්‍රමයක් සකසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටි ඇත්තේ තමන්ගේ රාජකාරිය හරියට කිරීමට ගොස් ඇති නිසා බවය. ඒ නිසා ඒ වගේ අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු සිටින බවත් සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම්…
Read Moreසුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්!
සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස පහුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි. එපමණක් නොව ඔහු මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ඉල්ලා සිටියේ පරික්ෂණ කඩිනම් කරන ලෙසටය. ඒ් අනුව අගමැතිවරයා පහුගිය 23 දා පොලිස්පතිට දන්වා තිබුණේ වහාම මේ නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනය කඩිනම් කළ යුතු බවය. මේ අතර මෙම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් සොයා පුවත්පත් ආයතන…
Read Moreරටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසියට උපදෙස් !
කොවිඩ් වසංගත රාජකාරී කළද ඒ් හා සමානව රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනද අවධානයෙන් කටයුතු කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් නිලධාරීන්ට දන්වා සිටියි. ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් 11,700 ක් මේ වන විට කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයිද ඉන් 28 කු මිය ගොස් ඇතැයිද අමාත්‍යවරයා පවසයි. එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ අතර isis යනු සංවිධානයක් නොව මතවාදයක් වන අතර එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි. මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් පළමුව හුදෙකලා වන අතර…
Read More