යුක්රේනය ආක්‍රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනාවට සාමාජිකයින් 33 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. නමුත් චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එසේම යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත. ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇත. එසේම…
Read MoreTag: russian president vladimir putin
යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්
රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිතුක් කෙරූ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බුද්ධි අංශ පෙන්වා දෙන්නේ උද්ධමනය, ආහාර හිඟය සහ බලශක්ති මිල ගණන් ඉහළ යමින් යුක්‍රේනයේ තත්ත්වය තවදුරටත්අයහපත් පසුබිමකට පත්වීමෙන් පසුව සිය ප්‍රහාරය දැඩි කිරීමට රුසියානු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවයි. එසේම යුක්රේනය සඳහා තවත් අතිරේක ඩොලර් බිලියන 40 ක ට ආසන්න සහන පැකේජයක් අනුමත කිරීමට අමෙරිකාව…
Read Moreඕස්ට්‍රේලියාවෙන් රුසියාවට සම්බාධක
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන් ආක්‍රමණය කර ඇති රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඕස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇත. මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු රජයේ අධිකාරිය ප්‍රකාශ කිරීම හරහා යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කර ඇතැයි ඕස්ට්‍රේලියාව පවසා අත්තේ. ඒ අනුව රුසියානු දේශපාලඥයින් ඇතුළු එම පිරිසට මූල්‍ය සම්බාධක සහ සංචාරක තහනම් පැනවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. මෙම ක්‍රියාව සමග යුක්‍රේනයේ සහ ඕස්ට්‍රේලියාව අතර මිතුරුකම් නැවතත් අලුත් වී තිබේ.
Read Moreපෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ
පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවන බව, රුසියානු රජය නිවේදනය කර ඇත. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම සුරක්ෂිත බව ද පවසමිනි. බල්ගේරියාව ප්‍රකාශ කළේ, විකල්ප ගෑස් සැපයුමක් සොයා ගන්නා තෙක්, සීමාවකින් තොරව ජනතාවට ගෑස් ලබාදෙන බවයි. රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා සිය මුදල් ඒකකය වන රූබල්වලින් ගෙවීම් කළයුතු බව, එරට ජනාධිපති විලැද්මීර් පුටින් පසුගිය දා ප්‍රකාශ කළ අතර අදාළ යෝජනාවට රටවල් රැසක් සිය විරෝධය පළ කළේ ය. ඒ අනුව රුසියාව විසින් ගෑස්…
Read Moreපුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක
යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම අවස්ථාවේ පටන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් , රුසියන් ජනාධිපති පුටින් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ටත් හමුදා සහ බුද්ධි අංශ ප්රධානීන්ටත් සම්බාධක පැනැවීමක් කළේය. කෙසේනමුත් මේ වනවිට පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනා වන මරීයා වොරොන්ට්සෝවා සහ ලියුඩිමිලා ෂෙකර්බ්නේවාට සහ පුටින්ගේ හිටපු බිරිඳ ලුඩ්මිලා ටිකෝනෝවාටත් සම්බාධක පැනැවීමක් සිදුකර ඇකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊට අමතරව, ඇමෙරිකාව, රුසියන් විදේශ…
Read More“යුද්ධය ඇති” බෙලරුසියානු හමුදාව කියයි.
යුක්‍රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදා සාමාජිකයන් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට සහභාගීවීම එලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි. මේ අතර රුසියාව මේ වන විට යුක්‍රේන යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අරමුණු කර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසී ය. එසේම රුසියාව, යුක්‍රේනයේ චර්නොබිල් බලාගාරයේ නව රසායනාගාරයක් විනාශ කළ බවට රුසියානු හමුදාවට චෝදනා එල්ල වේ. යුක්‍රේන බලධාරීන් පැවසුවේ එම රසායනාගාරය තුළ විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කරන…
Read Moreපුටින් ට වස දෙයි ද?
අදට යුක්‍රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්‍රවෘත්තිය බටහිර රටවල අවශ්‍යතාවය සඳහා යොදාගෙන ඇති බවයි ගැටුම් විශ්ලේෂකයන් පවසන්නේ. තවද විශ්ලේෂකයන් පවසන්නේ හැකි ඉක්මනින් රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳව සාම ගිවිසුමකට නොගියොත් මෙය අනිවාර්යයෙන්ම කෙළවර වෙන්නේ තුන්වන ලෝක යුද්ධයකින් බවයි. එනම් රුසියාව පෝලන්තය වෙත ප්‍රහාර එල්ල කිරීමක් සිදුකරොත් නේටෝ සාමාජිකත්වය දරන සෑම රටකටම යුද්ධයකට මුහුණ දීමට සිදුවනවා. ඒ වගේම මේ වන විට රුසියාව දිගින් දිගටම…
Read More