මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

Rishad Bathiudeen is to be arrested in connection with Ishalini's death

හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද  සැකකරුවෙක් ලෙස  අත් අඩංගුවට ගන්නා බව නීතිපති අධිකරණයට දැනුම් දී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය ඉදිරියේ කියා සිටියේ මන්ත්‍රීවරයා අයත් බෞද්ධාලෝක මාවතේ පිහිටි  නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් නිවසේ  ගෘහ මුලිකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වගකිව යුතු බවයි. ඒ අනුව  ඔහු ද මෙම නඩුකරයේ සැකකරුවක්  වශයෙන් ඉදිරියේදී…

Read More

කඳුකරයේ දරුවන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම වර්ගවාදී සංහාරයේම තවත් පැතිකඩක්! – මාරිමුත්තු සතිවේල් පියතුමා

Child slavery Children in the plantation sri lanka

කඳුකරයේ  දරුවන් ඇතුළු දෙමළ තරුණියන්  මෙහෙකාර සේවයට  තල්ලු කිරීම  ශ්‍රී ලංකාවේ  කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත්, රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන නොමැති බවත්  මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි. එහි ප්‍රතිපලයක් ලෙස කඳුකරයේ මේ වන විට වතු කම්කරුවන් ලෙස සේවයේ සිටින්නේ එක්ලක්ෂ හතලිස් හයදහසක් පමණක් වුවත් එවැනි තුන් හතර ගුණයක තරුණ තරුණියන් අගනගරය ආශ්‍රිතව සේවයේ සිටින බව පියතුමා අවධාරණය කළේ විවිධ ජනවර්ග වෙත මුදාලන පීඩනයන් හෙළා දකිමින් “83 – කළු ජුලිය ආවර්ජනයෙන් ඔබ්බට ගමන් කරමු!” තේමාව යටතේ ක්‍රිස්තියානි…

Read More

ඇමැති නිවසේ දැරිවියගේ මරණය ගැන වතුකරයේ විරෝධතා!

Protests over the death of a minor girl at Rishad Bathiudeen's home.jpg

හිටපු අමාත්‍යවරයකුගේ නිවසෙහි සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු  සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ කඳුරට ජනතා පෙරමුණ හා කඳුරට කම්කරු පෙරමුණ විසිනි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක් සිරුරට ගිනි තබාගෙන දිවි තොර කර ගත් බවට චෝදනා කෙරෙන හේතු වූ කරුණු  සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බොරැල්ල පොලිසිය හිටපු ඇමැතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප‍්‍රශ්න කිරීම ද පසුගියදා සිදු කර තිබුනි. සියදිවි හානි කරගත් දැරිය කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට…

Read More

රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලටත් කැපිල්ලක්ද?

rishad bathiudeen Fundamental Rights Petitions

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් අප්‍රේල් 24 දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා හා ඔහුගේ සොහොයුරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ ඉකුත් 05 දාය. නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා,  යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන…

Read More

Rishad Bathiudeen | අත්අඩංගුවට අරං මාසයයි තාමත් අධිකරණ කටයුත්තක් නෑ | නීතිඥ රුෂ්ඩි හබීබ්

Read More

රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස්වත් නැතිව – නීතීඥ රුෂ්ඩි හබීබ්

Rishad Bathiudeen rushdhie habeeb Attorney General

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා පවසයි. ඔහු බව කියා සිටියේ සමස්ත ලංකා මහජන කොංග්‍රස විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා, ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් කර ඇති අනාවරණ සහ නිර්දේශ ක්‍රියාත්මක නොකර, ඒවා යටපත් කරමින් විවිධ කෝණවලින් සිදු කරන පරීක්ෂණ ගැන අපට ගැටළුවක් තියෙනවා.…

Read More

රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති

MP Rishad Bathiudeen allowed to sit in Parliament

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා  සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය. මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදිය. ඒ අනුව මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති…

Read More

බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!

Bodu Bala Sena rishad bathiudeen wife President Gotabaya

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට  ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව, පුත්තලම, කොළඹ ආදී ප්‍රදේශ වල විරෝධතා රැසක්ද පැවැත්විණි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඒ් සිය සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. එහිදී ඇය විසින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම්…

Read More

රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්

Rishad Bathiudeen arrested easter attack sri lanka

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ ඊයේ (24)  අලුයම් කාලයේදීය. ඒ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබුණේ මොවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවය. මේ අතර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More

“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්  

Rishad Bathiudeen letter to the Election Commission regarding the right to vote in the North

උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූනු අතර එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල…

Read More