RTI කොමිසමට සිවිල් සමාජ සාමාජිකයින් රැසකගේ නම් ඉදිරිපත් වේ.

RTI කොමිසමේ නව සාමාජිකයින් පත් කිරීම  ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මේ වන විට අවධානය යොමු කොට ඇත. වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 11 වන වගන්තිය ප්‍රකාරව RTI කොමිසම පිහිටුවන අතර මෙය වසර පහක ධූර කාලයකට යටත් වේ. සභාපතිවරයෙකුගෙන් සහ සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් සමන්විත වන තොරතුරු කොමිසම පත්කිරීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිදු කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය. කෙසේ වුවද,20 වන ආණ්ඩුක්‍රම…

Read More

ගත වූ මාස හයට මාධ්‍ය නිදහස සම්බන්ධ ගැටලු 58 ක් – FMM

press freedom in sri lanka Free Media Movement

මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට  මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව සිදුවීම් 24 ක්, නීතිමය කොන්දේසි 29 ක්, මාධ්‍ය ස්වාධීනත්වය සම්බන්ධ සිදුවීම් 01 ක්, මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රවණතා සිදුවීම් 01 ක්, ව්‍යුහාත්මක කොන්දේසි 03 ක් වශයෙන් මේ සිදුවීම් 58 වාර්තා වී ඇත. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාසිකව නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලබයි.  මෙහිදී මාධ්‍ය නිදහසට, මාධ්‍යවේදීන්ට, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට එල්ල වූ බලපෑම්, හිරිහැර…

Read More

මුලාශ්‍ර ඉල්ලා මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම තොරතුරු අයිතියට කරණ බලපෑමක්! – FMM

Impact on journalists Right to Information sri lanka

යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. පහුගියදා ගාල්ලේ කොවිෂීල්ඩ් එන්නත ගාල්ලේ ජනතාව බලා සිටියදී කොළඹින් ගිය පිරිසට එන්නත් කිරීම ගැන මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදී සජීව විජේවීර මහතා විසිනි. මේ සම්බන්ධයෙන් මේ වන විට එම මාධ්‍යවේදියාට බලපෑම් එල්ල වෙමින් ඇත. මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය…

Read More

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!

right to information commission rti act sri lanka

ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්, ඇත්තටම ඔහු ඉල්ලන්නේ පිඹුරු ගත මාර්ගයක්. නැති පාරක් නෙවෙයි ඔහු ඉල්ලන්නේ. ඔහුට පයින් යන්න අපහසුයි, ගෙදරටම වාහනයක යන්න තියෙයිනම් කොච්චර දෙයක් ද? ගම් ප්ලෑනේ එතනින් පාරක් තියෙනවා, ඔහු ඒක තමයි ඉල්ලන්නේ. 2015 ඉදලා ඔහු ලියුම් ලියනවා. ඔහුම කියන ආකාරයට ඔහු රුපියල් හතලිස් අට දහසක පමණ මුදලක් වියදම් කරලා තියෙනවා මේ ලියුම් ලිවිල්ලට…

Read More

RTI තොරතුරු ප්‍රමාද කරන නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග – කොමිසම කියයි!

right to information act sri lanka

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දීමේදී පොදු අධිකාරියේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු කර ඇති අතර එකී පනත යටතේ වන සිය නිල රාජකාරිය මග හරිමින් සහ හිතාමතාම ප්‍රමාද කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පවසයි. මෙවන් අවස්ථා බහුල නොවන නමුත්, පනත මගින් කොමිසම වෙත ලබා දී ඇති ව්‍යවස්ථාපිත බලය ප්‍රකාරව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වන නෛතික ක්‍රියාපටිපාටිය හිතාමතාම නොසලකා හරිනු ලබන හෝ පැහැර හරිනු ලබන පාර්ශවයන් සදහා අපරාධ නඩු මගින්…

Read More