Tag: prisons statistics
අපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන් – මංගල සමරවීර
”පසුගියදා මහර හිරගෙදරදී තමන්ව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරන්නට කියා උද්ඝෝෂණය කරපු සිරකරුවන් පිරිසක් මරාදාලා තිබුන හැටි අපි දැක්කා. ඒ වෙලාවේ හිරගෙදර ඉදිරිපිට දී, තමන්ගේ දරුවන්ගේ ජීවිත ඉල්ලලා අඬා වැටුණු අම්මලාගේ කඳුලු දැකලා මට මතක් වුනේ, මීට අවුරුදු 32කට කලින් මාව දේශපාලනයට ගෙන ආ, දකුණේ අම්මලාගේ කුඳුළු. ඒ අම්මලා එදා කඳුලු හෙලුවේ අතුරුදහන් කරපු ඝාතනය කරපු දරුවන් වෙනුවෙන්. ඉන් පසුව උතුරේ අම්මලාගේ කඳුලුත් අපි දැක්කා. මේ රටේ ත්රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ පමණක් නොව රාජ්‍ය ත්රස්තවාදයේ ඉලක්ක බවට පතුවූ දරුවන්ගේ ඥාතීන්ගේ කඳලුත් අපි දැක්කා. අපි මේ මරන්නේත්, මේ මැරෙන්නේත්, අපේ රටේම දරුවන්. එදා…
Read Moreමහර මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී
මහර ගැටුමෙන් මිය ගොස් සිටි තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ මෘත ශරිර ඊයේ (05) දින හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහ් කර සිටියි. ඒ් මිනුවන්ගොඩ, හොරණ – අගුරුවාතොට, වැලිවේරිය – රතුපස්වල හා වත්තල- ඒඩේරමුල්ල පදිංචිව සිටි සැකකරුවන් සිව් දෙනෙකි. මොවුන් සිව් දෙනාද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වුවන් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා මේ මෘත දේහ හඳුනාගෙන ඇති බව පැවසුවත් මේ වනතුරුත් ඒ් අදාල වසම් වල පොලිස් ස්ථාන වලට මේ මරණ සම්බන්ධයෙන් තොරතුරු ලැබි නොමැති බව මෙම ප්‍රදේශ වල පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ්බැවින් මේ වන විට…
Read Moreවැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය අවසන් වෙයි!
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වහලය මත නැඟ විරෝධතාවන් වල නිරත වන්නට පටන් ගෙන දැන් දින ගණනකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියයි. මේ පිලිබඳ සොයා බැලීමට අද (05) දින බන්ධනාගාර කළමනාකාරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී වහලය මත සිටි රැඳවියන් වහලයෙන් බස්සා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇත. ඉන් ප්‍රධාන වශයෙන් ඔවුගේ ඉල්ලීම වූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලියත්, පූර්ණ ආබාදිත හා නිදන්ගත රෝග වලින් පෙලෙන සහ වයස අවරුදු 75ට වැඩි රැඳවියන් හට සමාව දීම යන කරුණු පිළිබදව අවධාධනය යොමු කරමින් අමාත්‍යවරයා…
Read Moreමහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් දෙදෙනෙකු හඳුනා ගනියි
මහර බන්ධනාගාරයේ ගැටුම සිදු වී අදට සතියකි. ඒ ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නාගේ මෘත දේහ තවමත් ඇත්තේ රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේය. ඒ ඒම මෘත දේහ සම්බන්ධයෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැඟි ඇති හෙයිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පළමුවෙන්ම සඳහන් කළේ මිය ගිය රැඳවියන් හඳුනා ගැනිම අපහසු බවය. ඒ ඔවුන්ගේ තොරතුරු ඇතුලත් ලේඛනාගාරය ගිනිබත් විම නිසා බව ඊට හේතු ලෙස සඳහන් විය. මේ අතර රාගම රෝහල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මිය ගිය රැඳවියන් ඒකලොස් දෙනොගෙන් අට දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වි ඇති බවයි. ඒ අනුව මේ මෘත…
Read Moreමහර රැඳවියන් මිය ගියේ වෙඩි තැබීමෙන්ද?
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය. ඒ මහර බන්ධනගාරයේ කැරැල්ල ඇති වී තෙදිනකට පසුවය. ඒ වන විටත් මහර ගැටුමෙන් රැඳවියන් 11 කු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර 107 කු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි. අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගෙන පැය කිහිපයක් තුල මහර බන්ධනාගරය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී පසුගිය දින කිහිපයේ යම්…
Read Moreඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක අද පවසා තිබුනි. අද (දෙසැම්බර් 1) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු තවදුරටත් අවධාරණය කර තිබුනේ, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති බවයි. මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා තිබුණේ එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවයි. එසේම ඖෂධ ගබඩාවේ…
Read Moreවසංගතයෙන් බේරෙන්න ඉල්ලද්දී, ඝාතනය වෙනවානම් ඊට එරෙහි වෙන්න සුදානම්! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
බන්ධනාගාර රැඳවියන් තමන්ව කොවිඩ් රෝගයෙන් බේරලා දෙන්න කියා මේ අවස්ථාවේ ජනාධිපතිගෙන් ඉල්ලා සිටිද්දී වගකිවයුතු ආණ්ඩුවක් ලෙස, රජයක් ලෙස පියවර නොගෙන රැඳවියන් ඝාතනය කරන තැනට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සමාජය දැනුවත් කිරීමට තම සංවිධානය සුදානම් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. වසර ගණනාවක සිට බන්ධනාගාර වල ඝාතන, වදහිංසා, අමානුෂික ක්‍රියාවන් සිදු කරමින් පවතින බවත් අවසානයේ බැලු විට ඒවා කරපු කිසිවෙකුත් නැතැයිද ඔහු පවසයි. ඊට නිදසුන් ලෙස ඔහු පෙන්වා දුන්නේ 1983 කලු ජුලියේදී වැලිකඩ සිද්ධිය, බිඳුනුවැව වැඩ කඳවුරෙත් රැඳවියන් වදහිංසා කර ඝාතනය කළ අවස්ථාව, කලුතර බන්ධනාගාරයේ…
Read MoreLPL අස්සේ ඇහෙන මහර වෙඩි හඬ!
පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිවයිනේ හැම බන්ධනාගාරයක් වගේම නොසන්සුන් වෙලා. ඒකට සාධාරණ හේතු තියෙනවා. අපේ හැම බන්ධනාගාරයක් ම මීමැසි පොකුරු වගේ ඇහිරිලා. සාඩින් අහුරනවා වගේ තමයි සිරකරුවන් රඳවාගෙන හිටින්නේ. ඉතිං බන්ධනාගාර ගතකරලා ඉන්න සැකකරුවන් වගේම වරදකරුවනුත් මේ මොහොතේ බිය වීම සාධාරණයි. ඒ එක සිරකරුවෙක් හෝ සැකකරුවෙක් හරහා බන්ධනාගාරය අස්සට කොවිඩ් මාරයා ආවොත් ගැලවීමක් නැහැ කියලා, මේ රැඳවියන් දන්නවා. මේ නව සාමාන්‍ය තත්ත්වය අස්සේ සිරකරුවන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඒ උද්ඝෝෂණ සහ ඉල්ලීම් මුලින්ම සිරකුටියෙන් එළියට ඇවිත් සමාජයට පෙනෙන්න ගත්තේ අඟුණකොළපැලැස්සේ රැඳවියන් සිරගෙදර වහලය මතට නැඟලා කරපු උද්ඝෝෂණය හරහා. මේ…
Read Moreඑදා වැලිකඩ අද මහරද?
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කු මරණයට පත් කළ ඒ ගැටුම සිදු වී වසර අටක් පිරුණේ පහුගිය නොවැම්බර් 09 දාටය. 2012 වසරේ නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ කුටි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාව අවසානයේ කෙළවර වූයේ අත්තනෝමතික ලෙස රැඳවියන් 27 කු ඝාතනය වීමෙන් හා තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබමිනි. අතීතයේ සිදු වූ මේ වැලිකඩ සංහාරය යළිත් අපට සිහිගන්නවන්ට සිදුව ඇත්තේ යළිත් එවන් සිදුවිමක් වාර්තා වෙමින් පවතින නිසාය. ඒ මහර බන්ධනාගාරයේය. බන්ධනාගාර කොවිඩ් පොකුරු මේ වන විට කොවිඩ් 19 පොකුරක් බන්ධනාගාර තුලද බිහි වෙමින් ඇති අතර 1091 කු දෙනෙකු…
Read More