රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අධිකරණයේදී ප්‍රකාශ කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කරයි. පාස්කු ප්‍රහාරයට අදාළව පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකළ නඩුව අද විභාගයට ගැනීමේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මෙම විනිසුරුවරයා ඉහත සඳහන ප්‍රකාශ කර ඇත. මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද, යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේදී…
Read MoreTag: presidential commission sri lanka
පාස්කු බූමරංගයට වීසිකළ පූජිත්-හේමසිරි ගැලවෙයි
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඟා ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නයැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන විනිසුරුවරුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, මීට ප්‍රථම මෙම චෝදනාවලටම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයේ නඩුවෙ විත්තියේ සාක්ෂි විමසීමකින් තොරව නිදහස් කරන්නේද…
Read Moreපූජිත්ට එරෙහිව ගෙනා ලේඛන පූජිත්ගේ පිහිටට
පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න ඊයේ අධිකරණය හමුවට කැඳවා තිබුණ අතර එහිදී අධිකරණය ඉදිරියේ අනාවරණය වී ඇත්තේ මෙම ලේඛන බොහෝමයකට හිටපු පොලිස්පතිවරයා ක්‍රියාමාර්ග ගන්න යැයි සටහන් යොදා ඇති බවය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති නඩුව පසුගිය 19 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල…
Read MoreRishad Bathiudeen | අත්අඩංගුවට අරං මාසයයි තාමත් අධිකරණ කටයුත්තක් නෑ | නීතිඥ රුෂ්ඩි හබීබ්
රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස්වත් නැතිව – නීතීඥ රුෂ්ඩි හබීබ්
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා පවසයි. ඔහු බව කියා සිටියේ සමස්ත ලංකා මහජන කොංග්‍රස විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා, ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් කර ඇති අනාවරණ සහ නිර්දේශ ක්‍රියාත්මක නොකර, ඒවා යටපත් කරමින් විවිධ කෝණවලින් සිදු කරන පරීක්ෂණ ගැන අපට ගැටළුවක් තියෙනවා.…
Read Moreරිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය. මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදිය. ඒ අනුව මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති…
Read Moreබොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව, පුත්තලම, කොළඹ ආදී ප්‍රදේශ වල විරෝධතා රැසක්ද පැවැත්විණි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඒ් සිය සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. එහිදී ඇය විසින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම්…
Read Moreරිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්
2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුයේ ඊයේ (24) අලුයම් කාලයේදීය. ඒ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර තිබුණේ මොවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Read Moreදේශපාලන පළිගැනීම් කොමිසම තනිකරම අධිකරණයට අපහාස කිරීමක්!
නීතීඥ හර්ශන නානායක්කාර ජනාධිපති කොමිසමක් පත්කරන්න රටේ නීතියට අනුව පුළුවන්. ඒ අනුව යම් තොරතුරක් පිළිබඳ අධීක්ෂණය කිරීමට තමයි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නේ. මේ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති කොමිෂන් සභාව පත්කලා තිබෙන්නේ 2015 -2019 අවුරුදුවල එනම් යහපාලන ආණ්ඩුව කාලයේදී සිදුවූ දේශපාලන පලිගැනීම් සොයාබැලීම සඳහා. එනම් පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, රාජ්‍ය සේවකයන්ට, ආදියට සිදුවූ පලිගැනීම් සොයා බැලීමට. මම දන්න තරමින් මෙම කොමිෂන් සභාවන් නඩු 150ක් පමණ දින තුන්සියයකට අඩු කාලයකින් කියවලා විභාගයට අරගෙන නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මල්වානේ ගෙදර රාජ්‍ය සේවකයෙක්ගෙද? මේ කොමිසම රාජ්‍ය සේවකයන්ට ඕපන් වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධි චෝදනා ලබා…
Read Moreදේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහිව විමර්ශන ඇරඹේ!
දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳ විමර්ශනයක් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව තීරණය කර තිබේ. බලය යුතු ලෙස යොදා ගැනීම නිසා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් අව භාවිත වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස දස පුද්ගල නීතිඥ මණ්ඩලයක් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති වෙත කරන ලද පැමිණිල්ලකින් ඉල්ලා තිබුණි. සේනක පෙරේරා, නාමල් රාජපක්ෂ සහ තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥයන් වෙත ලිපියක් යොමු කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව දැනුම් දී ඇත්තේ අදාල පැමිණිල්ල…
Read More