සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයකට දස අවුරුද්දක් තිස්සේ නොසැලකිල්ල!

communication and media studies in sri lanka ceylon teachers union

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් තුළ  ආරම්භ කර  වසර දහයකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා  විෂය අධ්‍යක්ෂවරු පත් කිරීමට කටයුතු කර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ජුනි 04  දිනැති ගැසට් පත‍්‍රය මගින් ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගයට අයඳුම්පත් කැඳවා ඇති අතර  එම ගැසට් නිවේදනයේ එක් එක් විෂයයන්ට අදාළව පවතින පුරප්පාඩු දක්වා ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. මීට හේතු වී ඇත්තේ එම විෂයට අදාළ විෂය අධ්‍යක්ෂ තනතුර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරවා නොගැනීම බවයි ලංකා…

Read More

ඉංග්‍රීසියෙන් ඉගැන්වීම සහ ඉංග්‍රීසි ඉගැන්වීම

Government attention to teaching in English medium from first grade

පාසැලේ පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවට පුවතක් පළ වී තිබේ. මෙය ඇත්තක් නම් මේ කරන්නට හදන්නේ අධ්‍යාපනයේ මාධ්‍යය ලෙස මෙතෙක් පිළිගෙන තිබූ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය අතහැර දැමීමය. ස්වභාෂා අධ්‍යාපනය කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයයි. එසේම මෙය ලෝකය පුරාම පිළිගත් වැදගත් අධ්‍යාපන මූලධර්මයකි. ස්වභාෂා අධ්‍යාපන මූලධර්මය යනු ජීවිත කාලය පුරා එකම භාෂාවක් ඉගෙන ගැනීම සහ එකම භාෂාවකින් ඉගැන්වීම නොවේ. අඩුම තරමින් ප්‍රාථමික අධ්‍යාපනය වත් දරුවාගේ මව් භාෂාවෙන් ලබා දීමය. අප රටේ අධ්‍යාපනයට අදාල සමාජ දර්ශක මේ තරම් හෝ යහපත් වූයේ ස්වභාෂා අධ්‍යාපනයට මුල්…

Read More

ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න – ලංකා ගුරු සංගමය

Teachers and Principals vaccine in sri lanka online education

මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. නමුත් මේ සම්බන්ධව ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි තවමත් අධ්‍යාපන බලධාරීන් කථා කර නැතැයිද ඔහු කියා සිටියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ලක්ෂ අටකට වැඩි ළමයින් පිරිසක් තමන්ගේ විභාග සම්බන්ධව දැඩි ආතතියකින් සිටින බවත් ඔවුන්ගේ විෂය නිර්දේශ තවමත් ක්‍රියාත්මක වන ආකාරයක් පිලිබද අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර නැති බවත් අවධාරණය කරයි. ඇමරිකාව වැනි රටවල මේ වන විට ෆයිසර් එන්නත ළමයින්ට පවා ලබා දෙන…

Read More

Joshep stalin | ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න

Read More

සෞභාග්‍ය රටේ දරුවන්ගේ ඔන්ලයින් කෙරුවාවට විඳින දුකක්!

Issues in online education current covid situation sri lanka

පසුගිය සතියේ සිකුරාදා දින නැවත සංචරණ සීමා පැනවීමට යන බවදැන ගත් ඈත දුෂ්කර ගම්වල අහිංසක මිනිසුන් නගරවල ජංගම දුරකථන අලෙවි සැල් දුරකථන සමාගම් ශාකා පමණක් නොව අන්තර් ජාල සේවා සපයන ස්ථාන කරා ඇදී ආවේ සිය දරුවන්ගේ අධ්‍යාපනය දැන් සිදුවන්නේ මාර්ග ගත (online) ක්‍රමයට ම බැවින් ඉන් තම දරුවන් ගිලිහෙනු ඇතැයි යන බියෙනි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවන මිනිසුන් ට මෙවර සිදු වූයේ තමන් මෙතෙක් අත් නොවිදි අත්දැකීම්වලට ය. කිසි දිනක ස්මාර්ට් ජංගම දුරකථනයක් හසුරුවා නැති අහිංසක ගැමියන් අන්තර් ජාල සේවා සපයන ආයතන වෙත රවුටර් මිලදී ගැනීමට පැමිණ ඒවා ක්‍රියා කරන ආකාරය…

Read More

ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාර අධීක්ෂණයට ගුරු සංගම් විරෝධය

online education monitoring system ceylon teachers union

තමන්ගේ මුදල් වියදම් කරගෙන ස්ව කැමැත්තෙන් දරුවන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාරයෙන් අධීක්ෂණය කිරීමට කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අමාත්‍යාංශය මේ ආකාරයෙන් ගුරුවරුන්ට බල කරන්නේ නම් වෘත්තිය සමිතියක් ලෙස මේ ක්‍රියාවලියෙන් බවත් වෙන්න කටයුතු කරන බවද ඒ මහතා පවසයි. ගිය වසරේ පාසල් පැවැත්වූයේ දින 71 ක් පමණක් බවත් මේ වසරේද දරුවන් හතලිස් තුන් ලක්ෂයක්ගේ පාසල් අධ්‍යාපන කාලය අහිමි වෙමින් ඇතැයිද මෙය බරපතල කාරණාවක් බවත් ඔහු පවසයි. අධ්‍යාපන ලේකම්වරයා පවසන ආකාරයට ළමයින්ට දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන අතර එය අධීක්ෂණය කරන…

Read More

online අධ්‍යාපනය අසමානයි, ගමේ ළමුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන්

online education in sri lanka Ceylon Teachers Union

රටේ තියෙන කොවිඩ් තත්ත්වය එක්ක පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචනයන් එල්ල වුණා. හැබැයි රජය දැන් විරෝධතා නොසලකා පාසල් පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒ වගේම පාසල් තුළින්ද ආසාදිතයන් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස? ආණ්ඩුව පාසල් පටන් ගත්තේ යම්කිසි සැලැස්මක් අනුව වැඩ කරනවා කියලා. නමුත් අපිට එහෙම සැලැස්මක් පේන්න නැහැ. විශේෂයෙන්ම පාසල්වල සනීපාරක්ෂාව සම්බන්ධයෙන් 2021 අවුරුද්දට කිසිදු මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීලා නැහැ. රජයේ ප්‍රධාන වගකීමක් තමයි සනීපාරක්ෂක ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. මේ කොවිඩ් රෝග ව්‍යාප්තිය පාසල් පද්ධතිය තුළ ඇති නොවේ කියන සහතිකය ඇති කරන්න රජය කිසිම කටයුත්තක් කරල නැහැ. අපි…

Read More