රාජ්‍ය සේවකයින්ට විදේශ ගතවීමකින් තොරව මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවීමට හැකි ද යන්න අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. එනම් වසර 5ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙම කමිටුවේ අරමුණයි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබාදෙන ලෙස උපදෙස් දුන් බවද එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අවධාරණය කර ඇත.
Read MoreTag: ministry of public administration and home affairs
“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ පැමිණිල්ලක් දවස් 10කට පමණ පසුව ‘අයිතිය‘ වෙබ් අඩවිය එම සිද්ධිය හෙළිදරව් කිරීමත් සමග විභාගයට ගෙන සමථයකට පත් කර ඇත. “නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ” (https://www.aithiya.lk/12700/minister-sarath-weerasekara-abuses-the-law/)මැයෙන් දෙසැම්බර් 29 දා රාත්‍රියේ කිඹුලාවල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම අප වාර්තා කළ පසු, ඒ වෙනතුරු ගැඹුරු නින්දක පසුවූ මිරිහාන පොලීසිය අවධිව පසුගිය ජනවාරි 12 දා දහවල් දෙපාර්ශවය පොලීසිය වෙත ගෙන්වා…
Read Moreනීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.
අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා දැයි ඇස ගසා සිට එම රාජකාරිය නිසි අයුරින් කිරීමට අවැසි මඟපෙන්වීම් එම දෙපාර්තමේන්තුවට ලබාදීම මෙම අමාත්‍යාංශය භාර රාජකාරියයි. එහෙත් මහජනයා ලෙස අප බලාපොරොත්තු වෙන එම වැඩ කොටස මේ අමාත්‍යාංශයෙන් වර්තමානයේ සිදුවෙනවාද? එය විශාල ප්‍රශ්නයක් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මෙම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස සේවය කරන්නේ හිටපු හමුදා ප්‍රධානියෙක් ය. ඔහු අපි කවුරුත් දන්න රියර්…
Read Moreප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!
පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත් පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය අපිව ආරක්ෂා කරන්න සිටින අතර අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන තැන පොලීසිය බවද එහි ළමා හා කාන්තා ඒකකයක් වෙනම ඇත්තේද එතැනට යන ස්ත්‍රීන් හෝ ළමයින් ගේ ආරක්ෂාව තහවුරු කිරිම පිණිස බවද ඇය අවධාරණය කරයි. නමුත් ඒ තුළ ඉන්න නිලධාරීන් මේ ආකාරයට හැසිරෙනකොට පොලීසිය සහ ඒ ආයතන පද්ධතිය පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති නොවන අතර පොලීසිය…
Read Moreහරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති
නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම් අත්අඩංගුවට ගන්න සුදුසු ක්‍රමය කුමක්දැයි විමසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උද්ඝෝෂණ හා රැස්වීම් නැවැත්විය යුතුයි කියා පැහැදිලි නියෝගයක් පොලිසියට ලබා දුන් නිසා පොලිසිය එදා උද්ඝෝෂණ නවත්තන්න කටයුතු කළ බවත් ඔවුන්ව නිරෝධනයට ගෙනිච්චෙ පොලිසියට අවශ්‍ය නිසා නොවන බවත් එසේ නිරෝධායනයට ගෙනිච්චෙ මහජන සෞඛ්‍යය සෞඛ්‍යය පරීක්ෂක…
Read Moreපොලීසිය භාර ඇමතිට ස්ටාලින්ගෙන් අභියෝගයක්!
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර අමාත්‍යවරයාට අභියෝග කර තිබේ. ලංකා ගුරු සංගම් නායකයා ඇතුළු පිරිස නිරෝධායනය සදහා යොමු කරන ලද්දේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලේඛනයක් ලබා ගැනීමෙන් පසු බවට පොලිසිය භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ජුලි 12 සඳුදා ප්‍රකාශ කර තිබුණි. “අපි අහනවා කෝ ඒ ලේඛනය. වහාම ඒ ලේඛනය ප්‍රසිද්ධියට පත් කරන්න,” යි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් අභියෝගයට ලක්…
Read Moreපොලීසිය එදා ක්‍රියාත්මක වුනේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ නියෝග අනුව – මහජන ආරක්ෂක ඇමති
පහුගියදා පැවති උද්ඝෝෂණයේදී පොලිසීය ක්‍රියා කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත නියෝග සහ ඉල්ලීම මත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා ඇතිවූ සිද්ධියේදී පොලිසිය බලය අයුතු ලෙස භාවිතා කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යැවු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා තවදුරටත් ඒ සම්බන්ධව මෙසේද කියා සිටියේය. සියලු උද්ඝෝෂණ ඇතුළු ජන රාශිවීම රෝග ව්‍යාප්තියට බලපාන බව සඳහන් කරමින් පොලිස්පතිවරයාට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් යවලා තිබ්බා. අපි දන්නවා ඉන්දියාවේ ජනරාශි වීම් වලින්…
Read Moreසමාජ මාධ්‍ය වලින් මඩ ගහන්න ලංකාව අති දක්ෂයි – මහජන ආරක්ෂක ඇමති කියයි.
ශ්‍රී ලංකාව වගේ සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අපහාස කරන රටක් කොහෙවත් නැති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න කුඩා හතරේ අටේ කණ්ඩායම් සාදා කමාන්ඩෝ පුහුණුව ට සමාන පුහුණුවක් දුන් බවත් දවසක් මේ අය පිට්ටනියෙ දුවන කොට මේ අයව පුහුණු කරන්නේ ත්රස්තවාදීන් ගමට ගහනකොට පැනලා දුවන්නද කියා එතැන සිටි අයෙක් විමසු බවත් ඒ ඒම පුද්ගලයා බලන ආකල්පය බවද ඒ මහතා පවසයි. ඒ අකාරයටම මේ ත්‍රී රෝද රථ ගේන්නේ පාතාලය මඩින්න ද කියලා අසන්නෙත් එවැනි…
Read Moreජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර
කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත් රටට ඇති ආදරය නිසා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට නොවන බවත් මෙම රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් ලංකාවට වන අතර වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙම රසායනික පොහොර භාවිතය නිසා වැඩි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. අපේ පසට මේ රසායනික ද්‍රව්‍ය මුසු වී ඒ තුළින් අපේ ජලයටත් මුසුවීමෙන් ඒ ජලය පාවිච්චි කළ විට මෙවැනි රෝග නිර්මාණය වන බවද මේ ජලය පාවිච්චි…
Read Moreනීතිපතිගේ චෝදනාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්!
වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව ඇත්තේ මේ මස මැයි 24 දාය. ඒ නිසා ඔහු හැකි තරම් මේ දිනවල සිය රාජකාරි කටයුතු නිමා කරමින් සිටියි. මේ අතර ඔහු ඊයේ (15) දින මහජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර සිටියේය. ඒ තමන්ගේ ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ, ඊට ආධාර අනුබල දුන්, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරමින් වගකීම පැහැර හැරි කිසිවෙකුට හෝ එරෙහිව චෝදනා ගොණු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බවය. ඔහු එයට හේතු ලෙස සඳහන් කර තිබුනේ ඊට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
Read More