තවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.

පළාත් සභා මැතිවරණ කතාව එනවිට  පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න  සුදානමක් ඇති බවත් තව දුරටත් මේ අල්ලස් දේශපාලනයට රැවටෙනවා ද? කියා ඔහු ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියි. බඩුමිල ඉහල ගිහින් තියෙනකොට බදු මිලට අදාලව කටයුතු නොකර අයවැය හරහා මැතිවරණයට සුදානම් වීමක් නම් ආණ්ඩුවේ තිබෙන බවට වාර්තා වන අතර  සහන දෙනවා කියා  ආවට අවුරුදු දෙකක් වෙනකොටවත් කිසිම සහනයක් ආණ්ඩුව ජනතාවට නොදුන් නමුත් දිනපතා මැති ඇමතිවරුන්ට නම් සහන ලැබුනු බව…

Read More

මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුව කැඩෙද්දී කොම්බුවට රිදෙන්නේ – මනුෂ

Manusha Nanayakkara Rajapaksa governments

ආණ්ඩුව කඩා වැටීම හමුවේ  සමගි ජන බලවේගය  ශක්තිමත් වන විට, මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුවට ගහනකොට කොම්බුවට රිදිලා යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ඒ් නිසා සමගිජනබලවේගය පහට කැඩි ඇතැයි ව්‍යාජ පුවත් නාග ධාතු පත්තරේ කිසිදු මාධ්‍යවේදියෙකු නොමැති නමකින් ව්‍යාජ ප‍්‍රවෘත්ති පළ කරන බවත්, පසුගිය කාලයේදී ඩීල් දාපු අය – නයි ධාතු පෙන්වූ කොම්බුව ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය.…

Read More

සමගි ජනබලවේගයේ මනුෂටත් CID යෙන් කැඳවීමක්!

සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව ලබන 20 දා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මෙසේ ලබන 20 වැනිදා පැමිණෙන ලෙස  දැනුම් දී ඇත. කෙසේ වෙතත් තමන් කැදවා ඇත්තේ කුමන විමර්ශණයටදැයි යන්න අනාවරණය නොකිරීම නිසා නීතීඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා සිය ෆේස් බුක් ගිණුමේ  සටහනක්…

Read More

මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක – පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා වසංගතය හමුමේ  පැණි පොවලා, මුට්ටි ගගට දාලා, උද්දච්චකම නිසා එන්නත ගේන්න ඔිනේ  වෙලාවට එන්නත් ගෙනාවේ නැති මේ ආණ්ඩුව අද වන විට කොරෝනාවලින් මිය යන  මිනිස්සුන්ගේ ජීවිතවලට වග කිව යුතු බව සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රටේ  ආර්ථිකය වන්නේ මිනිස් ජීවිත ආරක්ෂා වුනොත් පමණක් බවත් මිනිස් ජීවිතය රුපියල් ශතවලින්, මිලියන වලින් මැනිය නොහැකි බවද ඒ් මහතා පවසයි. අපිට අවශ්‍ය මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුවේ  පාලකයින්ට මිනිස් ජීවිතවල වටිනාකම නොතේරෙන අතර ඔවුන්  මිනිස් ජීවිත වලට  ලංසු තියමින් සිටින බවද ඔහු කියා…

Read More

ආණ්ඩුවේ ගජ මිතුරු සැලකීමේ උත්සහය නැවතත් – පා.ම. මනුෂ නානායක්කාර

කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක්  සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දෙන්නේ කාගේ අවශ්‍යතාවය අනුවදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා විමසා සිටියි. කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය  කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගකට අවසර ලබාදීමට සූදානම් වන්නේ ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමේ උත්සහයක් වශයෙන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි. ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී  ඔහු මේ බව ප්‍රශ්ණ කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය. ජාතික ආරක්ෂාව පෙන්නලා බලයට…

Read More

මාධ්‍යවේදීන් දඩයම් කරන CID යට වැරදි කොරෝනා දත්ත නිකුත් කරන රාජ්‍ය නිලධාරීන් පෙනෙන්නේ නැද්ද ? පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් වැරදි දත්ත ඉදිරිපත් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා ආකාරයට වැරදි දත්ත ඉදිරිපත් කරන රජයේ නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි  සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රි මනුෂ නානායක්කාර මහතා විමසයි. ජනාධිපතිවරණය අවසන්වුනාට පස්සේ ජනාධිපතිවරයා දත්ත මත පදනම්ව කටයුතු කරන බව පැවසුවත්  දැන් ජනාධිපතිවරයා මොන දත්ත මත පදනම්වද කටයුතු  කරන්නේ? යැයි විමසා සිටින ඒ් මහතා පෙන්වා දෙන්නේ  ඊයේ ගාල්ලේ කොරෝනා රෝගීන් 635ක්,  මාතර 421ක්, හම්බන්තොට 389ක් වාර්තා වු බවත් එහි  එකතුව 1445 ක් වු නමුත් මුළු ලංකාවෙන්ම වාර්තා වුනේ 3500ක් කියා රජය පවසන බවය.…

Read More