මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුව කැඩෙද්දී කොම්බුවට රිදෙන්නේ – මනුෂ

Manusha Nanayakkara Rajapaksa governments

ආණ්ඩුව කඩා වැටීම හමුවේ  සමගි ජන බලවේගය  ශක්තිමත් වන විට, මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුවට ගහනකොට කොම්බුවට රිදිලා යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ් නිසා සමගිජනබලවේගය පහට කැඩි ඇතැයි ව්‍යාජ පුවත් නාග ධාතු පත්තරේ කිසිදු මාධ්‍යවේදියෙකු නොමැති නමකින් ව්‍යාජ ප‍්‍රවෘත්ති පළ කරන බවත්, පසුගිය කාලයේදී ඩීල් දාපු අය – නයි ධාතු පෙන්වූ කොම්බුව ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය.

මාධ්‍ය සම්බන්ධවන කතාබහක් ඇතිවී තිබෙන අවස්ථාවේදී  මහ ලේකම්තුමා කිව්වේ  ස්වාධීන මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරන්න කියලා. අපි ආණ්ඩුවක් ආවම මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරනවා

නයි ධාතු වඩම්මලා, නයි ධාතු ගෙන්වලා,  නයි ධාතුවලින් ආණ්ඩු හද්නන උදව් කරපු  අය, මුට්ටි ගගට දාපු අය, කෑගල්ලේ පැණියේ ප‍්‍රධාන මාධ්‍ය අනුග‍්‍රාහයකා වන්නේ ඇන්ටිජන් චැනල් එක. නයි ධාතු කොම්බු නාලිකාව. මේ අය තමයි රාජපක්ෂලාට ණය නෑ, කල්පිටියේ රාජපක්ෂ අංකල්ටවත් ණය නෑ කියන්නේ . කිසිම වටිනාකමක් නැති භාණ්ඩයක් හරියට මාකට් කරන්න පුලුවන් කියලා කිව්වේ  මේ  අය. ඇත්තටම කිසිම වටිනාකමක් නැති බඩුවක් තමයි මේ  අය මාකට් කරලා තියෙන්නේ.

ජනතාව ගොනාට අන්දන්න, වටිනා නැති බඩුවක් මාකටිං කරලා රටට විශාල විනාශයක් කරලා. විනාශත් කරලා බලයට ආපු අය මාකටිං කරන්න උදව් කළ අයට හම්බක්කරන්න දිලා තියෙනවා. නොයෙක් වරප‍්‍රසාද ලබාදි තිබෙනවා.  දැන් වැඩේ  සපෝරුයි. දැන් දෙගොල්ලෝම ණයත් නෑ, බයත් නෑ. එක පැත්තක අය බලයට එන්න උදව් කළා. අනික් අය හම්බකරන්න උදව් කළා. යුතුකම ඉටු කරලා ඉවර නිසා තමයි කල්පිටියේ සිකියුරිටි රාජප්කෂ අංකල්වටත් ණය නෑ කියලා කියන්නේ ඒ නිසයි.

කොරෝනා වෙලාවේ මුට්ටි  ගගට දාලා, පැණි ප‍්‍රමෝට් කරලා ජනතාව නොමග යවලා මරණයේ මංචකයට ගෙන ආපු මාධ්‍ය ආයතයක් තමයි ආණ්ඩුව වැටෙන විට බේරගන්න  ඉදිරිපත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ  පසුපෙළ මන්ත‍්‍රීවරු විතරක් නෙමෙයි ඇමැතිවරුත් තවම මුකුත්  කරන්නේ නැද්ද කියලා අහනවා. තැන් තැන්වල කණ්ඩායම් රාජපක්ෂලාගෙන් ගැලෙවන්නේ කොහෙමද කිලයා කතා කරනවා. රහස් තැන්වල මන්දිරවලට වෙලා රාජපක්ෂලා තනිකරලා වෙනත් සන්ධාන හදන හැටි ගැන කතා කරනවා.

නාග ධාතු පත්තරේ  ප‍්‍රවෘත්ති ලියලා තියෙන්නේ විමුක්ති නානායක්කාර කියලා කෙනෙක්. එහෙම කියලා කෙනෙක් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචි වෙලා නෑ. සාමාන්‍යයෙන් පත්තරේ හෙඩ් ලයින් එකක් ලියන්නේ වගකිව යුතු මාධ්‍යවේදියෙක්. නමුත් මනංකල්පිත නමකින් ලියපු ලිපියකින් සමගි ජන බලවේගයට  මඩ ගහලා තියෙනවා.

මේ  ලිපිය දීලි තියෙන්නේ  නැව් මංකොල්ලකාරයෙක්ගේ සල්ලිවලින් යැපෙන, සමගි ජන බලවේගයේ  සමගිය දරාගත නොහැකි,  කුප‍්‍රකට ඩීල් කාරයෙක්. පසුගිය ආණ්ඩුවේ  ඩීල් දාපු, පාස්පෝට් හදලා පුරවැසිභාවය අරගෙන දුන්න කෙනෙක්. මේවායේ තියෙන සම්බන්ධය  බලන්න.

දැන් යොහානි ජාත්‍යන්තරයට යනවා. රාජපක්ෂලා විශ්වයටම යනවා. දැන් පැන්ඩෝරා පත‍්‍රිකාවල රාජපක්ෂ නමක් තියෙනවා. මේ  රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා තමයි අර අයිතිකාරයෙක් නැති මල්වානේ ඉඩමට ඉදිරිපත් වුනේ. මේ  සම්බන්ධතා ගැන කතා කරන්න ගත්තොත් පත්තරවලට ලියලා ඉවර කරන්න බැරිවෙයි. නයි ධාතු කොම්බු නාලිකාවලට කියවලා ඉවර කරන්න බැරිවේවි.ඒ තරම් ප‍්‍රශ්ණ තියේවි.

 

 

Social Sharing

Related posts