මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක අමාත්‍යවරයා වෙත භාර දී තිබුණි. එහිදී පැහැදිලිව සඳහන් කර තිබුණේ රැඳවියන්ගේ ආරක්ෂාව පතා සිදු කළ මෙම උද්ඝෝෂණය සාධාරණ බවය. ඊට හේතු ලෙස සඳහන් කර තිබුණේ රැඳවියන් අතර කොවිඩ් ව්‍යාප්තිය, බන්ධනාගාර තදබදය, ආහාර ගැටළුව, පානීය ජල…
Read MoreTag: mahara prison sri lanka
“NGO කාරයන්” ලෙස හඳුන්වා දීම වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමක්!
මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ මඩුල්ලට රජයේ අධි නිතීඥ නිරාශා ජයරත්න මෙනෙවිය “NGO කාරයන්” ලෙස හඳුන්වා දීම පිලිබඳව හා ඇගේ හැසිරීම් කලාපය පිළිකුල් සහගතව හෙළා දකින බවත් නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම පවසයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස යන මහත්වරුන් වෙත පැමිණිල්ලක් සිදුකරමින් එම නීතිඥ කණ්ඩායම එලෙස පවසා ඇත. මෙම නීතිඥ කණ්ඩායම වන්නේ සේනක පෙරේරා, කේ.එස්.රත්නවේල්, පාලිත බණ්ඩාර, නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න, චුලා රන්ජීව අධිකාරි, තම්බයියා ජේ.රත්නරාජා, ලුතිෆ් සයිනුල්…
Read More“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ
“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…
Read Moreපොලිස්පතිගේ නොසැලකිල්ල නිසා මහර ගැටුම ඇති වුවාද?
බන්ධනාගාර ආශ්රිත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (14) වන විට 3,000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි. එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර කාන්තා රැඳවියන් ගණන 189 කි. ඒ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඒ අතර වේ. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 103 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටිති. මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500…
Read Moreලෙඩකට බෙහෙත් ඉල්ලු මිනිසුන් මරා දැමීම තරම් මිලේච්ඡ ක්‍රියාවක් නැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
පොලිසීයේ අයට, බන්ධනාගාරයේ අයට අද මිනිසුන් මරන්න පුළුවන් කියන මතය සමාජගත වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් රජයේ සහ අපගේ වගකීම යන මැයෙන් කොළඹ පැවති සංවාද මණ්ඩපයට ZOOM තාක්ෂණය ඔස්සේ එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. මෙම උත්සවය “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් මධ්‍යස්ථානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකතුව විසින් සංවිධානය කර තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා මනුෂ්‍ය ඝාතන කියන්නේ අමු අමුවේ මිනී මැරීමයි. මෙවැනි තත්ත්වයක්…
Read Moreමහර රැඳවියන් බලාපොරොත්තු වූයේ පැන යාම! – බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියයි.
මහර බන්ධනාගාරයේ කැරැල්ලට නායකත්වය සැපයු සැකකරුවන් 25 ක් හා ඊට ප්රබලව සම්බන්ධ වු සැකකරුවන් 150 ක් හඳුනාගෙන මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. බන්ධනාගාරයක් තුල රඳවන්න පුලුවන් 11762 ක් වන නමුත් පහුගිය කාලයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ යාම නිසා සැකකරුවන් 32,000 දක්වා ඉහළ ගිය බවත්, අධික ලෙස මත්ද්‍රව්‍ය වැටලීම් කළ නිසා මත්ද්‍රව්‍ය ජාවාරකම්රුවන්ට අසහනකාරී තත්ත්වයක් බන්ධනාගාර තුල පැවති බවද ඔහු කියයි. ඒ නිසා කොරෝනා ප්රශ්නය ඉදිරියට දමමින් කිසිදු පදනමක් නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කල්ලි කිහිපයක් මහර බන්ධනාගාරයේ කැරැල්ල නිර්මාණය කළ බවත්,…
Read Moreයුක්තියක් නොමැති වින්දිතයන්ගේ විලාප මැද මානව හිමිකම් දිනය!
අද දෙසැම්බර් මස 10 වන දිනයි. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ලියවිල්ලක් වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය අනුමත කලේ 1948 දෙසැම්බර් මස 10 වන දිනයි. ව්‍යවස්ථා 30කින් සමන්විතව මිනිසෙකු ලෙස ඉපදීම නිසා හිමි විය යුතු විවිධ ක්ෂේත්රයන්ගේ අයිතිවාසිකම් මෙම විශ්ව ප්රකාශනය මගින් සහතික කරයි. වර්ෂ 1948 දී සැකසුනද මෙම ලියවිල්ල පුළුල් පරාසයක අයිතිවාසිකම් අවරණය වන සුවිශේෂි ලියවිල්ලකි. මෙවර අප සමරන්නේ 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. මානව හිමිකම් විශ්ව ප්රකාශනය සම්මත වී වසර 72 කින් පසුවත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සිටින්නේ කොතනද? මෙවර අපට…
Read More