රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.

c d wickramaratne police torture

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම් හා අත්අඩංගුවේදී මරණයටපත් වීම වැලැක්වීම සඳහා යන මැයෙන් පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමිනි. වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ අනුරාධපුර පුරවැසි කමිටුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් හා සංවර්ධනය සඳහා මද්‍යස්ථානය, ඩාබිඳු…

Read More

අත්අඩංගුවේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම IGP ට ලියයි.

human rights commission police custody IGP Srilanka

කොරෝනා වසංගත තත්ත්වයක් තුල පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහුගිය ජුනි 02 දා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විදුෂන් (21) නැමැති තරුණයාට පොලිසිය පහර දුන් බවට ඔහුගේ ඥාතීන් පවසා සිටියි. නමුත් මරණ පරික්ෂණයේදී හෙලිව ඇත්තේ ඔහු අයිස් නැමැති මත්දුව්‍ය පැකට් 04 ක් ගිලිමෙන් සිදු වූ මරණයක් බවය. මෙම තීන්දුව විදුෂන්ගේ දෙමාපියන් පිළිගන්නේ නැත. මේ නිසා ඔවුන් යළිත් වරක් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පුතුගේ දේහය ගොඩගෙන සාධාරණ පරික්ෂණයක් පවත්වන ලෙසටය. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් ඥාතී නිවසකට ගිය…

Read More

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

national police commission C D Wickramaratne IGP

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පනවා  තිබේ. තාරක ධර්මකීර්ති…

Read More

ඇමැති ගාමිණී ලොකුගේ ගැන පොලිස්පතිට පැමිණිල්ලක්!

Complaints lodged with the IGP against Minister Gamini Lokuge

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයක් වෙනස්  කරමින් මාරාන්තික කොව්ඩ් 19 රෝගය ව්‍යාප්ත කිරීම සදහා චේතනාන්විතව  කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන ක්‍රියාධරයන් පිරිසක් පොලිස්පතිවරයාට පැමිණිලි  කර තිබේ. කොව්ඩ් වසන්ගතය පැතිරීමට පහසුකම් සැලසූ බවට එසේ චෝදනා එල්ලවී ඇත්තේ ප්‍රවාහණ ඇමැති ගාමිණී ලොකුගේටය. සිය පැමිණිල්ල මගින් ජන බල පවුර සංවිධානයේ ක්‍රියාධරයන් පෙන්වා දී ඇත්තේ වසංගතය පාලනය වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හුදකලා කළ ප්‍රදේශයක් ඔහුගේ අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයක බලපෑම් මත ඉවත් කර තිබෙන බවයි. “2021.05.03 වන දින හෝ ආසන්න දිනයක කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා…

Read More