මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ!

gsp+ sri lanka human rights violation in sri lanka

පසුගිය මාර්තු 23 දින ජිනීවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ හැක. මෙම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් ලැබුන අතර, රටවල් 11ක් විරුද්ධ විය. රටවල් 14 ක් ජන්දය දීමෙන් වැලකි සිටියේය. අපගේ අසල්වැසි මිතුරු රාජ්‍යයන් වන ඉන්දියාව හා ජපානය මෙවර ඡන්දය දීමෙන් වැලකී සිටීම විශේෂයෙන් අවධානයට ගත යුතුය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාවලියේ කරැණු 16ක් අඩංගුවන අතර, එය ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්…

Read More

මෙරට අභ්‍යන්තර කරුණු ගැන චෝදනා කිරීම මානව හිමිකම් කවුන්සිලයේ වගකීමක් නොවේ – විදේශ ඇමති

Dinesh Gunawardena minister of foreign affairs UNHRC

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී හෙට (22) ඡන්ද විමසීමට නියමිතව ඇත. ඒ අනුව හෙට දිනය ලංකාව සම්බන්ධ තීරණාත්මක දිනයකි. මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ මෙරට අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ ඒ කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවය. බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කීපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව…

Read More

“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති

mahinda rajapaksa burial rights

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී  සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්  විමසු  පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා  ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …

Read More

රජය මානව හිමිකම් වලට බයයිද?

human rights violations in sri lanka

එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුලුව පැවැත්වීමට ආසන්න බැවින් මේ දිනවල ලංකාවේ දේශපාලන වේදිකා මතද කථා කරන්නේ ලංකාවේ  මානව හිමිකම් පිලිබඳවය. විශේෂයෙන්ම මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මේ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන්නේ ඔවුන්ගේ නායකයා කිසිදිනෙකවත් ජීනිවා නොගිය පුද්ගලයෙකු හැටියට සිතාගෙනය. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා එදා ජිනීවා ගිය හැටි රටේ මිනිස්සුන්ට අමතක නැත. නමුත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (04) නිදහස් දින ගොඩගමදී පවසා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි රඟදක්වන නාටකය ආයෙමත් ජිනීවාහිදී දිග හැරීමට නියමිත බවත් මෙය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් කිහිපයක දෙබිඩි භාවය…

Read More

ආණ්ඩුව එ.ජා සංවිධානයට ලිඛිතව දුන් පිළිතුරු “දැන්ම ප්‍රසිද්ධ කරන්නේ නෑ”

United Nations Human Rights Council sri lanka Geneva

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා ඉදිරිපත් කර තිබෙන වාර්තාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව “ද්වේශකාරී ලෙස සකස් කළ” වාර්තාවක් ලෙස හෙලා දකින ආණ්ඩුව  එය  ප්‍රතික්ෂේප කිරීමට  තීරණය කර තිබේ. එසේ වුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාව සම්බන්ධයෙන් රජයේ  ප්‍රතිචාරය මේ වන විටත් ලිඛිතව දන්වා යවා ඇතත් එය ප්‍රසිද්ධ නොකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකුද වන අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ. “මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එහි අන්තර්ගතය…

Read More

ජිනීවා… ආයෙත් ඇවිදින්

geneva human rights council

ජිනීවා.. ජීනිවා පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතා වූ නගරය.. දේශප්‍රේමීන්ට අනුව බටහිර රාජ්‍ය අපේ රට පාවාදීමට පිඹුරුපත් සකස් කරන නගරය. රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව ගතු කේළම් කියන නුවර, දෙමළ ඩයස්පොරාව ලංකාවට එරෙහිව දේශපාලණ කුමන්ත්‍රණ කරන නුවර.. ලෙස ප්‍රචලිතය. පසුගිය මාස කිහිපය තුළ මේ නුවර ගැන එතරම් කතා බහක් තිබුනේ නැතත්, ඔන්න ආයෙත් ජීනීවා ගැන කතාබහ ආරම්භ වෙලා. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පෙබරවාරි මාසයේ 22 සිට ජීනීවා නුවර දී පැවැත්වීමට නියමිතව ඇති නිසාත්, එහි දී විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබදව සාකච්ඡා වීමට නියමිත වී තිබීමත් නිසාය.…

Read More