පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම නැත්නම් වධහිංසා දුන්නත් ඒ අයට විරුද්ධව ඔබ පොලිසියට පැමිණිලි කලොත් හා නීතිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කලොත් නීතිපති තුමා ඉහත නීතීය යටතේ එම රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්න බැඳිලා ඉන්නවා. අපි කරන්න ඔනා එතනට රටේ නීතීය තල්ලු…
Read MoreTag: human rights commission
එදා මහර කැරැල්ලට පෙර තිබූ තත්වය අද අඟුණකොළපැලැස්සේ!
බන්ධනාගාර කොවිඩ් පොකුරක් මෙවරද නිර්මාණය වී ඇති අතර වැඩිපුරම ආසාදිතයින් සිටින්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේය. මේ වන විට එහි හැටකට වැඩිය පිරිසක් ආසාදිතව සිටිති. ඒමෙන්ම එක් රැඳවියෙකු මිය ගොස් තිබුණේද මේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙනි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ඉකුත් 02 දා විරෝධතාවයක් සිදු කළේ ඔවුන්ට PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් තෝරාගත් පිරිසකට PCR පරික්ෂණ සිදු කර ඇත. එහිදී ආසාදිතයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබුණි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසන්නේ මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ ගැටලු රැසක් ඇති…
Read Moreකොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස
තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයත් සමඟ මෙරට බන්ධනාගාර වල රැඳවියන් බැලීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මේ අතර ඉකුත් 27 දා වන විට පමණක් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතවුවන් 260 ක් සිටින බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. එසේම පහුගිය 02 දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවයක් පැවැත්විණි. ඒ කොවිඩ් ආසාදිතයින් අඟුණකොළපැලැස්ස බන්ධනාාගරයට රැගෙන එන බවත් ඒ නිසා ඔවුන්ටත් PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 26 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබූ අතර ඉන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට…
Read Moreවිවාදයට තව සතියයිජාත්යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවෆේල් වෙයිද? | Sunanda deshapriya
මානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය. මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල්…
Read Moreජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වෙන්නේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරයයි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්…
Read Moreඅතුරුදහන් වෙනුවෙන් ජාත්‍යන්තර අවධානය ඉල්ලා දෙමළ අම්මාවරු විරෝධයේ!
වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය ආරම්භ වී ඇත්තේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කොට අවුරුදු හතරක් පිරෙන 20 සෙනසුරාදා උදෑසන නමයටයි. කිලිනොච්චියේ ගණදෙවි කෝවිල අසලින් ආරම්භ වුනු පා ගමන A9 මාර්ගය ඔස්සේ ගමන් කොට කන්දසාමි කෝවිල අසලින් නිමාවී තිබේ. රට තුල ඉටු නොවන යුක්තිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස විරෝධතාකාරියෝ සටන් පාඨ හඬ…
Read Moreජිනීවා වල මොකද වෙන්නේ – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට…
“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …
Read Moreඅවම බලය කියා හිසට වෙඩි තියනවනම් අපි ෆේල් – නීතිඥ රමණි මුත්තේට්ටුවේගම
ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය පවසයි. බන්ධනාගාර ලොකුම ප්‍රශ්නය ජනගහණය වැඩි වීම බවත්, ඊට මෙයද එක් හේතුවක් බව පෙන්වා දෙන ඇය පවසන්නේ මේ වන විට සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත වෙන සැකකරුවෙකුට කොවිඩ් ප්‍රශ්නය නිසා ඇප ලබා දුන්නත් ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වනතුරු බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි බවය. කොරෝනා පාවිච්චි කර රටම පාලනය කරන්න ඇතමුන් සිතා ඇතමුන්…
Read More