අබ ඇටයක් තරම්වත් මිනිස් ජීවිතයක වටිනාකමක් නැති රටක අයිතිවාසිකම් රකින්නේ කොහොමද? – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

මිනිස් ජිවිතයකට ඇති වටිනාකම අබ ඇටයක තරම්වත් නැති රටක අප  අයිතිවාසිකම් තහවුරු කළ යුත්තේ කෙසේදැයි ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිමෙන් කොවිඩ් පාලනය කිරීමට බවත් එය චීනයේ සිට සෑම රටකම සිදු වෙන නමුත් ලංකාවේ සිදුවන්නේ මිලිටරිකරණයෙන් කොවිඩ් පාලනය කිරීමක් බව ඇය පවසයි.

එසේ පවසන්නේ ක්‍රමවේදයේ ඇති විෂමතාවය මිසක් කිසිදු පුද්ගලයෙකුටවත්, හමුදාවටවත් එරෙහි නොවන බව කියා සිටින ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් විශේෂ බලකායේ නායකයා වන හමුදාපතිවරයාම කොවිඩ් සම්බන්ධව නිරෝධායන  කටයුතු සම්පුර්ණයෙන්ම ඉටු කරන්නේ ත්‍රිවිධ  හමුදාවෙන් බව වගකීමෙන් පිළිගෙන ඇති බවත්ය.

මේ කොවිඩ් වසංගත සමයේ මහර බන්ධනාගාර සිරකරුවන් මූලික අයිතිවාසිකම් දෙකක් ඉල්ලා සිටි බවත් එනම් PCR පරීක්ෂණ කරන ලෙස හා මීට වඩා සුරක්ෂිතභාවයක් බන්ධනාගාරය තුල ඇති කරන දෙන ලෙසට බව පෙන්වා දෙන ඇය පවසන්නේ ඊට පිලිතුර වුයේ උණ්ඩයක් බවය.

මෙය ලංකාවේ පාර්ලිමේන්තුව පමණක් මෙය සාධාරණය කරන අතර මර්ධනයත් කරන බවත් ඒ කිසිම විෂය පථයක් නොදන්නා කෙනෙක් නැගිට රිවස් පෙත්තක් ගැන පවසන අතර තවත් අයෙක් මානසික බෙහෙතක් ගැන පවසා ඒ නිසා අවුල් වී ඇති බව පවසන බවත් නමුත් තමන් වසර තිහක පළපුරුදු වෛද්‍යවරියක් ලෙසත්, කොවිඩ් පාලනයේ මුල්පෙළ සිටි සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරියක් හැටියටත් එවන් රිවස් පෙත්තක්වත්, මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙත්තකින්වත් එසේ නොමැති බව වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය අවධාරණය කර සිටියි.  එය මනෝ වෛද්‍යවරුන්ගේ සංගම විසින්ද තහවුරු කර ඇතැයිද ඇය කියා සිටියි.

උණ්ඩයකින්, ප්‍රචණ්ඩත්වයෙන් මර්ධනය කරන රජයක් සමඟම සත්‍ය වසන්කරන මර්ධනකාරී වගවීමෙන්, වගකීමෙන් ක්‍රියා කරන මහජන නියෝජිතයින් සිටින රටක අද සිටීමට සිදුව ඇතැයිද මේ රටේ නීතිය බිඳීමෙන් අරාජික වූ වකවානුවක් ලැබී ඇතියද ඇය වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම