තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…
Read MoreTag: Government of Sri Lanka
පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?
පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පාසල් වසා දමා ඇති අතර ඉදිරියේදී සමස්ථ රෝහල් පද්ධතියට ද මෙම තෙල් අර්බුදය අහිතකර ලෙස බලපානු ඇතැයි රෝහල් සේවකයන් ප්‍රකාශ කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කරන්නේ ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍ය අංශ සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණත් තවමත් එවැන්නක් ක්‍රියාත්මක නොවන පසුබිමක වෛද්‍ය සහ සේවක හිඟයෙන් රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය. මේ වනවිට සමස්ථ රෝහල් පද්ධතියම දැඩි ඖෂධ හිඟයකින් පෙළෙන අතර ඉන්ධන අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් රෝහල් පද්ධතියම සෑම අතින්ම අක්‍රමන්‍ය වෙනු ඇතැයි…
Read Moreසහල් මිල පාලනය කරන්න ජනතාවට බාර දෙනවා
21 නොඑන හැඩ..!
අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුවත්, අද කැබිනට් රැස්වීමට එම සංශෝධනය ඉදිරිපත් කර නැත. මෙම කැබිනට් මණ්ඩල හමුවට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී 21 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවේදී බහුතර මතය වී ඇත්තේ මුලුමනින්ම ව්‍යවස්ථාව වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවය. එහෙත් ඩලස් අලහප්පෙරුම ප්රමුඛ සුළුතරයකගේ මතය වී ඇත්තේ 21 වැනි සංශෝධනය මේ අවස්ථාවේ සම්මත කරගැනීම සඳහා සහාය දිය යුතු බවය. ජනතා මතය එය බව…
Read Moreඑකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ඇයි ?
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ප්‍රශ්නයට විසඳුමක් තිබේ ද? රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස සමාන්‍ය පෙළ O/L පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන ගන්නා සිසුන් සාමාන්‍ය පෙළ London O/L විභාගයට පෙනී සිටින්නේ වයස අවුරුදු 14 දී ය රජයේ පාසැල්වල ඉගෙන ගන්නා සිසුන් අපොස උසස් පෙළ A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 19 කි. එහෙත් අන්තර් ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසුන් උසස් පෙළ London A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 16 කි ජාතික පාසැල් පද්ධතිය තුළ ඉගෙන…
Read Moreආණ්ඩු විරෝධයට එරෙහි පොහොට්ටු මෙහෙයුම්!
ඉකුත් මැයි 09 වන දින රට තුළ ඇති වූ භීෂණකාරී වාතාවරණය පදනම් කරගනිමින් සිවිල් ක්‍රියාධරයින් සහ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමේ වාතාවරණයක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වේ. ඒ යටතේ ජන අරගලකරුවන් මර්ධනය කරමින් ආණ්ඩුවට එරෙහි විරෝධය යටපත් කිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව ඉකුත් මැයි 09 වන දින අනුරාධපුර ප්‍රදේශයේ ඇති වූ සිද්ධියක් පදනම් කර ගනිමින් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජූනි 03 වන දින අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැදවා තිබුණි. ඒ අනුව එම මහතා…
Read Moreමට පහර දුන්නේ චන්න ජයසුමනගේ ලේකම්
ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා
රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආදී වශයෙනි. අපේ ඉතිහාසයේ පරසතුරු උවදුරු ගැන සඳහන් වෙයි. චෝල සහ පාණ්ඩ්‍ය ආදී ඉන්දීය ආක්‍රමණද, පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි ආදී යුරෝපීය ආක්‍රමණද ඉන් ප්‍රධානයි. එදා රජවරු විශාල හමුදා ගොඩනැගුවේ එවැනි පරසතුරු අනතුරුවලට මුහුණදීමටයි. රාජ්‍යත්වයට එරෙහිව රට අභ්‍යන්තරයෙන් මතුවන අභියෝගත් ඒ අතර තිබුණි. ඒවා ඇති වුණේ, ප්‍රාදේශීය නායකයන්ගේ හෝ රාජ්‍යත්වයට අයිතිය කියන පවුල් සහ ඥාතීන්ගේ මෙහෙයවීමෙන් ඇති…
Read Moreහෙට සිට පාසල් නිවාඩු
පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සිට දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට නිවාඩු ලබා දීඇත. එනම් අද සිට සියලු පාසල් වල පළමු වාරය අවසාන වේ. අධ්‍යාපන අමත්‍යංශය දැනුම් දී ඇති ආකාරයට ලබන වාරය ජූනි 6 වනදාසිට ආරම්භ කිරීමට නියමිතයි.
Read Moreපෞද්ගලික බස් 80% ක් ධාවනයෙන් ඉවත්වෙයි!
ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි. ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසන්නේ බස් රථවලින් සියයට 20 ක් පමණ ධාවනය කරන බවයි.
Read More