-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්‍ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් එතන අපිට පේනවට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දෙවෙනි නිරීක්ෂණය තමයි හන්දිවල තිබුණ ත්‍රී විලර් පොකුරු අඩුවීම. ඒකත් තෙල් අර්බූදයේම කොටසක්. ඒත් එතනත් ලොකු කතාවක් තියෙනවා. ඊළඟට අපි වෙනදට වාහනේ නතර කරලා තේ බීපු කෑම කාපු කඩ ගොඩක් වැහිලා ගිහිං. තියෙන කඩත් වැහෙන්න ඔන්න මෙන්න පණ අඳින සෙයක් තමයි පෙන්නුවේ. ඊළඟ නිරීක්ෂණය තමයි ගම්වලට ගියාම…
Read MoreTag: energy crisis
ඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
– ආචාර්‍ය නලීන් ද සිල්වා – නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති. මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක්…
Read Moreගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ වෙතත් රට තුළ පවතින ගෑස් හිඟය පියවීමටනම් තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියා සිටින්නේ. ඒ අනුව මේ වනවිට රට තුළ පවතින ගෑස් හිඟය මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වනවා.
Read Moreඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.…
Read Moreආර්ථිකය තවත් ප්‍රපාතයට
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්‍ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ මේ වනවිට ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් මිලියන 100 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් බවත් එයින් කළ හැකි දෙයක් නොමැති බවයි. මේ නිසා, ඉදිරියේදී පොලී අනුපාත සියයට 25 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ යා හැකි බවත් පිළිකාවක් හැදුණු රෝගියාගේ අතපය එකින් එක කපා ජීවිතය බේරාගැනීමට ගන්නා උත්සාහය…
Read Moreජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන් ඇත්තේ රජයේ රෝහල් බව දැනගන්නට ලැබේ.
Read Moreගෑස් තවත් වැඩි වෙයි?
ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.
Read Moreරත්ගම දී මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි, පාරත් වහලා
රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම සහ කුමාරකන්ද අතර බස් ධාවයන නොවෙන අතර ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙන බස් රථ රත්ගම හන්දියෙන් හරවා කුමාරකන්ද වෙත යවන බවද කොළඹ සිට එන බස් රථය එලෙසම කුමාරකන්දෙන් හරවා රවුම් පාරෙන් රත්ගම හන්දිය වෙත යොමුකරමින් ඇතැයි වාර්ථා වෙයි. ලංකාව පුරාම මෙලෙස ගෑස් සහ ඉන්ධන ලබාගැනීමේදී ජනතා කළකෝළහල ඇතිවී ඇති අතර මේ වනවිට ඉන්ධන පෝලිම්වල…
Read Moreතෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!
විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම, ඉන්ධන මිල විශාල ඉහළ යාම සහ ලංවීම පවත්වාගෙන යාම සඳහා වැයවෙන විශාල පිරිවැය යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම විදුලි බිල වැඩිකිරීම සිදුවනු ඇති බවත්, එහි මූලික අරමුණ දැනට ලංවීම වසරකට ලබන පාඩුව (රුපියල් කෝටි 25000) පියවා ගැනීම බවත් දැනගන්නට ලැබේ. පසුගිය කාලයේ දිගින් දිගටම ලංවීම මෙම විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන්…
Read Moreදුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?
විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනා ගැන අදහස් දක්වමින් පසුගිය දා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් දක්වනු ලැබීය “ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා අති විශාල වැඩි කිරීමක් විදුලිබල ක්ෂේත්රයේ. අද විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75 ක් (මිලියන 7.5 ක්) පමණ විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්. කර්මාන්ත 72,831ක් පමණ. ප්‍රධාන මට්ටමේ හෝටල් 665…
Read More