කැළණිතිස්ස බලාගාරයෙන් බිලියන 25 ක පාඩුවක් ගැන හෙළිදරව්වක්!

25 billion loss from Kelanitissa power plant revealed

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරීම් ඇරඹියේ 2000 වසරේදීය. 2002 ජනවාරි මාසයේදී පළමු අදියර සහ 2003 මාර්තු මාසයේදී දෙවන අදියර ලෙස මෙගාවොට් 165  සමස්ත ධාරිතාවකින් යුක්තව ජාතික විදුලිබල පද්ධතියට එක් විය. මෙම බලාගාරයේ සුවිශේෂත්වය වන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් තෙල් පිරිපහදුවෙන් පසු ඉවත්කරනු ලබන නැප්තා මෙහි ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමය. මෙම බලාගාරයෙන් විදුලිය නිපදවීමට වැයවන්නේ ඒ්කකයට රුපියල් 18-20 ත් අතර මුදලකි. ඒමෙන්ම මෙය පරිසර හිතකාමී බලාගාරයකි. මේ බලාගාරය මඟින් වාර්ෂික විදුලි නිෂ්පාදනය ගිගාවොට් 1084 ක් හෙවත් විදුලි ඒකක කෝටි 108 කට වඩා අධිකය. වසර 19 කට පසු මෙකී බලාගාරයේ…

Read More

දුපත් තුන ගැන ඩලස්ගෙන් හරස් කතාවක්!

Dullas Alahapperuma Northern Islands in sri lanka

චීනයට ශ්‍රී ලංකාවේ උතුරේ ආයෝජනය සඳහා බලශක්ති කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවට රජය කරන ලද නිල නිවේදනයක් කැබිනට් අමාත්‍යවරයකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. උතුරේ දුපත් තුනක දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා චීනයේ සමාගමක් වෙත ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වු බව නිවේදනය කර තිබියදී   විදුලිබල අමාත්‍යවරයා පවසන්නේ ඒ  සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව නොමැති බවයි. “හැබැයි ගරු මන්ත්‍රීතුමනි කැබිනට් මණ්ඩලය තවම මේක අනුමත කරේ නැ. මොකද  මහා භාණ්ඩාගාරය විසින් ඔවුන්ගේ වැඩිනමක් නිර්දේශ ඉල්ලලා තියනවා මේකේ අලුත් ටෙක්නොලජි එක පිළිබදව වැඩි විස්තර දෙන්නට කියලා.” විදුලි බල අමාත්‍ය ඩලස්…

Read More

දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!

Foreign interference in the islands electricity

උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය  සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා  ඩොලර් මිලියන 12 ක  මෙම විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන…

Read More

ලං.වි.ම සේවකයින්ගේ වැටුප් මාෆියාවේ පිටුපස සිටින බලවතා කවුද?

Salary mafia of Ceylon Electricity Board employees

මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම  එවකට සිටි  සාමාන්‍යධිකාරී විසින් අත්තනෝමතිකව අත්සන් කරන ලද නීති විරෝධී E වැටුප තලය අනුව වැටුප රැගෙන විශ්‍රාම යාමත් ඉන්පසු පසුගිය වසර හය පුරාවට සාමාන්‍යධිකාරිවරු 6 දෙනෙකු  හා  අතිරේක සාමාන්‍යාධිකාරීවරු 30 පමණ නීතිවිරෝධී වැටුප් රැගෙන විශ්‍රාම යාමත් නිසා ලංවිම සාමාන්‍ය සේවකයාට සිදු අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙනි. පාවාදීම්, ද්‍රෝහිකම්, ගැරහුම්, අවලාද යටතේ දෝලනය වෙමින් තිබු මේ වැටුප් තල…

Read More