ලාංකීය දේශපාලනයේ තීරණාත්මක මංසන්ධියකට මේ මොහොත අපි ආවා කියලයි මම ගොවියෙක් විදිහට දකින්නේ. ඒ තමයි විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආණ්ඩුව බලගැන්වීම. නමුත් බලය ලබා ගැනීමේ දී ජනාධිපතිතුමා පොරොන්දු වුණේ පවතින ව්‍යවස්ථාව සංශෝධන කරනවා කියලා නෙමෙයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒය සම්මත කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වෙනවා කියලයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තට පසුව පවා එහි ක්‍රියාදාමයන් ක්‍රියාවට නගද්දී ආණ්ඩුවේ බල තුලනය පිළිබඳව ගැටලු මතුවී තිබුණා. ඒ නිසාම ප්රජාතන්ත්රවාදය පිළිබඳව මිනිසුන්ට තිබුණු පැහැදිලි තාවය ටිකෙන් ටික නැතිවී ගොස් ඒකාධිපති එහෙම නැත්නම් රාජාණ්ඩු ක්‍රමයක් වගේ බලයක් තිබිය යුතුයි…
Read More