Tag: විදේශ විනිමය යනු
ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක‍්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක‍්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි. මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින්…
Read Moreඅර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූල සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙම පත් කිරීම් සිදුකළ බවයි.
Read More“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත් ය. මොවුන් එසේ කීවේ, දැනට කර්කශ විවේචනයට ලක්ව තිබෙන පක්ෂ දේශපාලනය ගැන පමණක් නම්, ඔවුන්ගේ ඒ කතාවේ යම් ගත යුත්තක් ඇතැයි සිතිය හැකිව තිබුණි. නැත, ඔවුන් අදහස් කෙළේ පටු පක්ෂ දේශපාලනය පමණක් නොව, රටේ සමස්ත රාජ්‍ය පාලනය පිළිබඳ පොදු තේමාවමයි. ඒ අනුව, ශ්‍රී ලංකාකාරයෙකු හෝ යූ.එන්.පීකාරයෙකු නොවී සිටීම පමණක් නොව, ඒ තට්ටු මාරුව ප්‍රශ්න කරන…
Read Moreපාඩු ලබන සියල්ල පුද්ගලිකකරණයට?
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික අර්බුදයට විසඳුම පිළිබඳ සාකච්ඡා තුළ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා වෙමින් ඇතැයි දැනගන්නට ලැබෙන අතර මීට ප්‍රථමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම කොන්දේසි ලංකාවට ඉදිරිපත් කළත් කිසිඳු රජයකට ඒවා ක්‍රියාත්මක කරන්නට නොහැකිවිය. එම නොහැකියාවද වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම පුද්ගලිකාරණ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රවෘත්තියක් පළකරන මව්බිම මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම…
Read Moreඩොලර් නැතිව විදෙස් තානාපති කාර්යාල තුනක් වැසේ..
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ . මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,…
Read Moreකඩදාසි නෑ, විභාග කල් යයි!
දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී ඇත්තේ කඩදාසි නොමැති වීම නිසා ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් 9/10/11 ශ්‍රේණී සඳහා අවසන් වාර විභාගය කල් දැමිය යුතු බවය. මෙහිදී හැකියාවක් තිබෙයිනම් ප්‍රාථමික ශ්‍රේණි සඳහා අවසන් වාර විභාගය පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද පාසල් දැනුවත් කර ඇත. මේවනවිට සමහර ශ්‍රේණි සඳහා අදාළ විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටිද…
Read Moreගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක‍්‍රමය පොල්ලකින් තඩිබෑම වීම අපේ අභාග්‍යයකි. මේ ලිපියේ අරමුණ, මොළේ පෑදූ අගාධය ගැන කතා කිරීමට වඩා, මොළේට ඇති වී ඇතැයි පෙනෙන සෙත ගැන කතා කිරීමයි. ඊට අදාළ ඉසව් කිහිපයක් මෙසේ ය: ජාතිකවාදයකින් ඉදිරියට යාමට රටකට හැකියාවක් ඇති බවට මෙතෙක් තිබූ විශ්වාසය. හමුදාමය චින්තනයක් රටක සංවර්ධනය කෙරෙහි දායක කරගත හැකි බවට සහ සිවිල් චින්තනයකට වඩා හමුදා චින්තනයක් තුළ කටයුතු…
Read Moreජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?
ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ. නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර වසරකට රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි. ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන…
Read More