මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් විසින් කරන “අපරාධ චර්යාවන් පිළිබදව” වාර්තා ඇතුලත් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඒ සදහා වන මුලික කටයුතු මේ වන විටත් සිදු කර අවසන් බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසන්නේ. මාධ්‍යවේදීන් සඳහා පැවැත්වෙන පුහුණු සැසියක් වෙනුවෙන් සකස් කළ වීඩියෝවක් සිය මුහුණු පොතේ ප්‍රචාරය කරමින් ඔහු ඒ බව සදහන් කර තිබේ. යම් අපේකෂකයන් සතුව අපරාධ චර්යාවන් පවතින්නේ නම් එය වාර්තා කිරීම මගින් ඔවුන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ජනගත කිරීමට එමගින් හැකි බව මංජුල ගජනායකගේ…
Read MoreMonth: June 2020
උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!
රාජ්‍ය ආයතන වල කඹ ඇදීම නිසා ගමට අහිමිව ඇති විදුලි බලය සහ පාරම්පරික භූමියේ අයිතිය ලබා ගැනීම සඳහා උතුරේ යුද පීඩිතයන් පිරිසක් අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ. තාවකාලික අට්ටාලයක වාඩිලාගෙන ජුනි 22 සඳුදා ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව නම වැනි දිනටත් ක්‍රියාත්මක බව උතුරේ වාර්තාකරුවෝ පවසති. ගමට විදුලි බලය ලබාගැනීම සදහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉල්ලා සිටිමින් මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ වව්නියාව උතුර මරුතෝඩෙයි ග්‍රාම සේවා වසමට අයත් කාංචනමොටෙයි ගම්වැසියන් පිරිසකි. යුද්ධයෙන් ජීවිත බේරා ගැනීම සඳහා ගම්බිම් හැර පලා ගොස් සිටියදී වන සංරක්ෂණ බලධාරීන් තමන් සතු ඉඩම් ද අයුතු ලෙස පවරාගෙන ඇති…
Read Moreමැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.
මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ. විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු මෙලෙස ඒකරාශී කරමින් සිටින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී තිබේ. මැතිවරණ දින ආසන්න වීමත් සමඟ මෙලෙස පුද්ගලයින්ගේ තොරතුරු එක් රැස් කිරීම ඉහළ යන බවට ඔවුන්ට නිරීක්ෂණය වී ඇති අතර මෙම තත්ත්වය ඉතාම භයානක බවද ඔවුන් පෙන්වා දෙයි. විවිධ දැන්වීම් හෝ කෙටි පණිවිඩ හරහා යොමු කෙරෙන පණිවිඩ වලට තමන් නොදැනුවත්ම තමන්ගේ සියලු පුද්ගලික…
Read Moreපාර්ලිමේන්තුව සතු බලය විධායකය ගන්නයි මේ හදන්නේ! – එරංග ගුණසේකර (ජාතික සංවිධායක – සමාජවාදී තරුණ සංගමය)
“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!
ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි අංශ යුරෝපයේ සිදු කෙරෙන ඝාතන ප්‍රයත්නවලට සම්බන්ධ බවත්, ඔවුහු එවැනි ක්‍රියාවල නිරත අයට නීති විරෝධී ආකාරයෙන් මුදල් සපයන බවත් අමෙරිකානු නිලධාරීහු පවසති. අමෙරිකාවේ පවතින රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ මේ ප්‍රකාශය තානාපති නිලධාරීන්ට එරෙහිව තර්ජනයක් ලෙස මතු වී ඇති බවයි. එසේම රුසියානු බුද්ධි අංශ සමඟ එවැනි සම්බන්ධකම් පවතින බවට නැඟෙන චෝදනා තලෙයිබාන් සංවිධානය ද ප්‍රතික්ෂේප කරයි.
Read Moreරජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්!
මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිවුවෙනි වසරේ විභාග කටයුතු ආරම්භ කරමින් සිසුන් තුන්සිය දෙනෙකු පමණ සිරකරුවන් බවට පත්කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු සිදුකර ඇති බවත් ඒ පිළිබදව අදහස් දක්වන්නන් පරිපාලකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ අවධානමක් ඇතිවී තිබෙන බව සිසුන් පිරිසක් අනාවරණය කලහ. කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ හතරවන වසරේ සිසුන්ට අවසන් විභාගය ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඒ සදහා විශ්ව විද්‍යාල පරිපාලනය විශ්ව විද්‍යාලය ආරම්භකර සිසුන්ගේ අධ්‍යන කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ඇතත් එය දැඩි පීඩාකාරි තත්වයක් බව සිසුන් පැවසුහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ…
Read Moreපරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!
පොදු ස්ථාන වල ඊයේ (28) දින මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1217 කු සති දෙකක ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවට අද (29) දින මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබුණි. නමුත් එලෙස මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළ බවට පොලිස් මුලස්ථානයේ මාධ්‍ය කොට්ඨාශය මෙතෙක් දැනුවත් වී නොමැත. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන පරිදි පොදු ස්ථාන වල මුහුණු ආවරණ නොමැතිව සිටින පුද්ගලයින්ට පළමුව අවවාද කර මුදා හැරීමට පමණක් වැඩ බල පොලිස්පතිවරයා නියෝග කර ඇත. එසේ…
Read More“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.
ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය කිරීම වෙනුවට එය පතුරුවා හැරීයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික බලවේගයේ සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ලංකාවේ කොරෝනා රෝගීන් දැන් දෙදහස ඉක්මවා ගොස් ඇති බවත් ඉන් දහසකට ආසන්න ප්‍රමාණයක්ම ශ්‍රි ලංකා නාවික හමුදාවේ සෙබලුන් බවද ඔහු පෙන්වා දෙයි. නාවික හමුදාවට කොරෝනා සෑදෙව්වේ චීන්නු නොව ගෝඨාභය රාජපක්ෂ යැයිද ඔහු චෝදනා කර සිටියි. වසංගතයක් මර්දනය කරන්න හමුදාවක් යැව්වේ හිස් අතින් බවත්, හමුදාවට කළ හැකි දේවල් තිබෙන නමුත් ගෝඨාභය සිතා සිටින්නේ හමුදාවට සියල්ල කළ හැකි බවද ටිල්වින් සිල්වා මහතා පවසයි. යුද්ධයක්, නාය යෑමක්,…
Read More“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.
මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු
ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතරින් වැරදි ඉදිරිපත් කිරීමක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. මෙවර මහා මැතිවරණයේදී ද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පක්ෂය කිසිදු ජයග්‍රහණයක් නොලබන බව මහනුවර දී පැවති පාක්ෂික හමුවක් ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා පැවසීය. පසුගිය ජනපතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශ වලින් ඡන්ද ලක්ෂ 22 කට වැඩි පරාජයක් අත්වූ බවද ඒ මහතා පැවසුවේය. සෝඩා බෝතලය කැඩූ ගමන් එහි පෙණ මුදුනට පැමිණෙන නමුත් ටික…
Read More