පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු කළ සියලු සංවර්ධන කටයුතුවල ඒ මහතාගේ නම හා රුව සහිත සමරු පලක, පුවරු හා වෙනත් රුව හා නම සදහන් ඉදිකිරීම් මැතිවරණ කාලසීමාව තුළ වසා තබන්නැයි පොලොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරිය විසින් සියලුම පළාත් පාළන ආයතන වෙත ලිඛිතව දැනුම් දී ඇත. එම ලිපියෙහි සදහන් වන්නේ හිටපු ජනාධිපතිවරයා මෙවර මහා මැතිවරණය සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයෙකු බැවින් පක්ෂ නියෝජිතයන් හා බලයලත් නියෝජිතයන් වෙතින් ලැබුණු පැමිණිලි අනුව හිටපු ජනාධිපතිවරයාගේ රුව හා නම සහිත සමරු පලක හා පුවරුවල ඒ මහතාගේ නම හා රුව…

Read More

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” - සාගල

පක්ෂය හැර දමා ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට වඩා ඔවුන්ගේ සිත් දිනා ගනිමින් පක්ෂය යළි ශක්තිමත් කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව යැයි මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගල රත්නායක මහතා පවසයි. විනය පරීක්ෂණ පැවැත්වීමට වඩා පක්ෂයේ සාමාජිකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම අද වන විට එක්සත් ජාතික පක්ෂයේ අරමුණක් වන නමුත් අප පක්ෂයේ සාමාජිකත්වය තුළ රැඳී සිටිමින් වෙනත් පක්ෂයක මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවන් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට සිදුවන බව ඊයේ (27) මහනුවරදී පැවති පාක්ෂික හමුවකින්  අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.…

Read More

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5 යි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ රෝගයට ගොදුරුවූවන්ගේ ප්‍රමාණය ඊයේ කෝටිය ඉක්මවීය. ඒමෙන්ම, මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා තිබේ. ඒ් අනුව අද වන විට ලොව පුරා රෝගීන් 10,081,545 සොයා ගෙන ඇති බවත්, ඉන් මිය ගිය ප්‍රමාණය 501,298 බවත් වර්ඩ්ඔමේටර් වෙබ් අඩවිය පවසයි.  තවමත් මෙම රෝගයෙන් දරැණු ලෙස පීඩාවට පත්ව සිටින්නේ ඇමරිකා ඒක්සත් ජනපදය හා බ්‍රසීලයයි. මේ වන විට ඇමරිකාව තුළ රෝගීන් 2,596,537ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඒහි මිය ගිය ප්‍රමාණය 128,152  කි. බ්‍රසීලයේ රෝගීන් 1,315,941 වාර්තා වන අතර මිය ගිය ප්‍රමාණය 57,103 කි. ඉහත රටවල් දෙකට අමතරව රුසියාව…

Read More

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්

ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ අර්බුදය තිබෙන්නේ උපරිම මට්ටමකට ජරාජීර්ණ වී කුණුවූ තත්ත්වයකට පත්ව පරණ ක්‍රමය තුළ අණ්ඩ දමා විසඳාගත නොහැකි තත්ත්වයක වුවද එම යථාර්ථය තේරුම් ගැනීමට පරණ ක්‍රමයට අනුගතවී සිටින දේශපාලකයින් සේ ම සමාජයද සමත් වී නැත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට ලොකු මැතිවරණ ජයක් හිමිකර ගැනීමට හැකිවෙතොත් ලංකාවේ අර්බුදයට අදාළ චිත්‍රයේ යහපත් වෙනසක් ඇතිකිරීමට හේතුවේද? නැතහොත් දේශපාලන ප්‍රාතිහාර්යයක් වැනි දෙයක් නිසා විරුද්ධ පක්ෂයට වැඩි බලයක් හිමිකර ගැනීමට හැකිවෙතොත් අදාළ චිත්‍රයේ යහපත් වෙනසක්…

Read More

අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක

අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක

මෙහි පළ වන්නේ වධහිංසාවට එරෙහිව දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ සිවිල් සමාජ සංවිධානයක් වන රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක සමඟින් සමබිම කළ සාකච්ඡාවේ සාරාංශයකි. මෙවර වධහිංසාව පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන්න සිදුවෙලා තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය සමඟ වධහිංසාව පිළිබඳ සිදුවීම් සුලබව වාර්තාවන තත්ත්වයක් යටතේ. ඔව්, වසංගත තත්ත්වය එක්ක ලෝකයේ පුරාම නිදහස සහ අයිතිවාසිකම්වලට බරපතළ සීමා පැනවුනා. ඒ තත්ත්වය ලංකාව තුළත් අත්දකින්න ලැබුනා. විශේෂයෙන්ම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ඇඳීරි නීති පැනවීමත් සමඟ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට විශාල බලයක් ලැබුණා. එහිදි යම් ආකාරයකට සීමාව ඉක්මවා ගිහින් ඔවුන් කටයුතු…

Read More

වින්දිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය තියෙනවා – ලක්ෂාන් ඩයස්

වධහිංසාවට එරෙහි මිනිස් පවුර ජුනි 26 වධහිංසාවට ලක්වූවන්ට සහයෝගය පළකිරීමේ ජාත්‍යන්තර දිනයයි. වධහිංසාවෙන් තුරන්ව සිටීමේ පරම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන්ද කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි 1994 අංක 22 දරන පනත මඟින්ද ප්‍රකාශයට පත්කොට තිබුන ද වධහිංසාව රටේ ආයතනික ගත භාවිතාවක් වී ඇත. ආයතනික ගත වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයෙක් හට නීතියේ රැකවරණය ලබාදීමේ සිට සාධරණයක් ඉෂ්ට වෙන තෙක් ගමන් කිරීම පහසු කටයුත්තක් නොවේ. මේ බව හොඳින්ම දන්නේ හිංසකයන්ය. ඒ නිසා ඔවුන් වධහිංසාවට බිය වන්නේ නැත. පසුගිය ජුනි 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබා දුන්, දොන් සමන්ත පෙරේරා එරෙහිව හෙට්ටිපොළ…

Read More

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සබන්ධයෙන් කරුණාට එරෙහි පරීක්ෂණ ගැන ජාත්‍යන්තර අවධානය

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සබන්ධයෙන් කරුණාට එරෙහි පරීක්ෂණ ගැන ජාත්‍යන්තර අවධානය

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයකු වී සිටි සමයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සමාජිකයන් දහස් ගණනක් මරා දැමූ තමන්, සුළු පිරිසක් මැරූ කොරෝනාවට වඩා බියකරු පුද්ගලයකු බවට කර්නල් කරුණා අම්මාන් නමින් ප්‍රකට විනයාගමූර්ති මුරලිදරන් මඩකලපුවේ නාවිදන්වේලි හී මැතිවරණ ප්‍රචාරක රැළියකදී ආධාරකරුවන් අමතා පවසා තිබුණි. එම ප්‍රකාශය සම්බන්ධ විභාගයක් පවත්වන  සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණා කැඳවා ප්‍රශ්න කර තිබුණි. ඉතිහාසයේ ඔහු විසින් කරන ලද අපරාධ ගැන ප්‍රශ්න කරනු ලැබීම තම අවධානයට ලක්ව ඇතැයි පවසන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම…

Read More

ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.

ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.

ඉන්දියාව පුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දියාවේ සියලුම මගී, තැපැල් සහ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නතර කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ප්‍රවේශපත් කලින් වෙන්කර ගත් අයගේ මුදල් ආපසු ලබාදෙන බව ද දුම්රිය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් සංක්‍රමණික කම්කරුවන්ට ආපසු ගම්බිම් බලා යාමට මැයි මාසයේ සිට ක්‍රියාත්මකව පවතින විශේෂ දුම්රිය සේවා නතර නොකරන බව දුම්රිය බලධාරීහු කියති. මාර්තු මාසයේ ඉන්දියාව වසා දැමීම නිසා ලක්ෂ ගණන් කම්කරුවෝ තම ගම්බම්වලට යාමට නොහැකිව නගරවල සිරවී සිටිති. එරට දෛනික රෝගීන් වැඩියෙන්ම වාර්තා වූ සංඛ්‍යාව දින දෙකක් ඇතුළත දෙවරක් ඉක්මවා ගියේය.…

Read More

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? - නීතිඥ දුලාන් දසනායක

නාරාහේන්පිට පොලිසියේ පොලිස් සිර මැදිරියේ සැකකරු ගෙල වැල ලා ගන්නා තුරු පැය විසි හතරම සේවය කරන බව කියන පොලිස් ස්ථානයේ නිලධාරීන් හිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි නීතිඥ දුලාන් පෙරේරා මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වදහිංසාවන්ට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් (26) දින දහවල් කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි. මෙහිදි තවදුරටත් අදහස් දැක් වු නීතිඥ දුලාන් දසනායක මහතා මෙසේ පැවසුවේය. “අද වදහිංසාවන්ට පාත්‍රවුවන්ට සහාය දැක්වීමේ ජත්‍යන්තර දිනය. ඒ වුනාට අද අපට පළමුවෙන්ම…

Read More

“නීතිඥ – සේවාදායක” හමුවට බන්ධනාගාර තුල බාධා

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින තම සේවාදායකයන් හමුවීමට යන නීතිඥවරුන්ට පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් මෑතක සිට අවහිර කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් අනාවරණය කර තිබේ. “බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නා තම සේවාදායකයන් හමුවීමට යන නීතිඥවරුන්ට පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ දැඩි සෝදිසි කිරීම් වලට ලක්වීමට සිදුවී තිබේ. බන්ධනාගාර නිලධාරීන් හමුවේ ඔවුන්ට ඇසෙන පරිදි  තම සේවාදායකයන් හමුවීමට ඔවුන්ට බල කෙරී ඇත. සේවාදායකයන් හා නීතිඥයන් අතර රහස්‍ය භාවය රැකෙන්නේ කොහොමද?” ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එම ප්‍රශ්නය නගා ඇත්තේ සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමිනි. ඔහු වැඩි දුරටත්…

Read More