“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!

ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැ‍ගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි.

නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි අංශ යුරෝපයේ සිදු කෙරෙන ඝාතන ප්‍රයත්නවලට සම්බන්ධ බවත්, ඔවුහු එවැනි ක්‍රියාවල නිරත අයට නීති විරෝධී ආකාරයෙන් මුදල් සපයන බවත් අමෙරිකානු නිලධාරීහු පවසති. අමෙරිකාවේ පවතින රුසියානු තානාපති කාර්යාලය පවසන්නේ මේ ප්‍රකාශය තානාපති නිලධාරීන්ට එරෙහිව තර්ජනයක් ලෙස මතු වී ඇති බවයි. එසේම රුසියානු බුද්ධි අංශ සමඟ එවැනි සම්බන්ධකම් පවතින බවට නැඟෙන චෝදනා තලෙයිබාන් සංවිධානය ද ප්‍රතික්ෂේප කරයි.

Social Sharing
විදෙස්