
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය සඳහන් කළේ, ගත වූ පැය 24ක කාලය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 2,604 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතය වන සියයට 52.50ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 32,054කි.
නවතම දත්තවලට අනුව, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව, මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම, නිවාස හා පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ ඩෙංගු රෝග ලක්ෂණ පවතින අවස්ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳව සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
