මෙරට අධිකරණවල නඩු මිලියනයකට අධික ප්‍රමාණයක් ගොඩගැසෙයි!

 

මෙරට අධිකරණ පද්ධතිය තුළ නොවිසඳී පවතින නඩු සංඛ්‍යාව මිලියන 1.1 ඉක්මවා ඇති බව අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව, 2025 ජූනි 30 වන විට රට පුරා පිහිටි අධිකරණ 293ක මුළු නඩු 1,134,474ක් විභාග වෙමින් පවතින අතර, ඒවා තවමත් අවසන් කර නොමැති නඩු ලෙස සටහන් වී ඇත.

වැඩිම නඩු ප්‍රමාණයක් මහේස්ත්‍රාත් අධිකරණවල ගොඩගැසී ඇති අතර, එහි විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 818,869ක් බව සඳහන් වේ.

දිස්ත්‍රික් අධිකරණවල නොවිසඳී ඇති නඩු සංඛ්‍යාව 260,007ක් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5,396ක් පවතින බවද වාර්තාවේ දැක්වේ.

ඊට අමතරව, අභියාචනාධිකරණයේ නඩු 5,216ක්, සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු 6,591ක් සහ වාණිජ මහාධිකරණයේ නඩු 6,330ක් විභාග වෙමින් පවතින බව සඳහන්ය.

මහාධිකරණවල අපරාධ නඩු 27,376ක් පවතින අතර, ළමා මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 1,556ක් සහ කම්කරු විනිශ්චය සභාවල නඩු 3,131ක් ද තවමත් අවසන් කර නොමැති නඩු ලෙස වාර්තා වී ඇත.

තවද, අධිකරණ අපහාසයට අදාළ නඩු 65ක් ද විසඳීමට නියමිතව පවතින බව අදාළ වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

Social Sharing
නවතම පුවත්