
මේ දෙන්නම කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් අයිතියක් තියෙන හේලීස් සමාගමේ අධ්යක්ෂවරුන්. ඒ දෙන්නා ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති සහ අධ්යක්ෂ තනතුරු දැරුවේ හේලීස් සමාගමෙන් අයින්වෙලා නෙවෙයි. ඒ නිසා එතන බැලූ බැල්මටම conflict of interest එකක් තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ගැන මීට සති දෙකකට විතර කලින් මම තියපු සටහනක් …
ශ්‍රී ලංකන් සභාපති ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ කිරීමේ කුමන්ත්රණයක? මේ වෙලාවෙ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක වුණත් ඇත්තටම රට පාලනය කරන්නෙ වෙනත් පිරිසක් කියල කලින් වතාවකත් මම සටහන් කළා.
ශම්මි සිල්වා, ඩඩ්ලි සිරිසේන සහ ටිරාන් අලස් මම නම් වශයෙන් සඳහන් කළා.
ඇත්තටම ඒ වෙලාවෙ මට තවත් ප්‍රධානම නමක් අමතක වුණා.
ඒ තමයි ධම්මික පෙරේරා.
මේ හැමෝම අනුර ගෙ සමීප යාලුවො.
ඇත්තටම කිවුවොත් අනුර ගෙ විතරක් නෙවෙයි මේ කට්ටිය රාජපක්ෂල ගෙ, රනිල් ගෙ, සජිත් ගෙ … මේ හැමෝගෙම යාලුවො.
ඒ නිසා රටේ මිනිස්සු ඡන්දෙ දීල කවුරු පත්කර ගත්තත්, විශේෂයෙන්ම ජේ ආර් ජයවර්ධන ගෙ විවෘත ආර්ථිකයෙන් පස්සෙ, ඇත්තටම ලංකාව පාලනය කරන්නෙ ජනතාව පත්කරපු නායකය නෙවෙයි – හොඳින්, නරකින් කොහොම හරි මුදල් රැස් කරපු ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ. (පැහැදිලිවම බලවත් රටවල තානාපති කාර්යාලත් අපේ රට පාලනය කරනව – ඒක වෙනම කතාවක්)
British Airways ආයෙත් ලංකාවට
ඉතින් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවය ඔක්තෝබර් මාසෙ ඉඳල ලන්ඩන් ඉඳල කොළඹට ආයෙත් සෘජු ගුවන් ගමන් ආරම්භ කරනවා කියලා news එකක් දැක්කම මුලින්ම මටත් හිතුණෙ හොඳ වැඩක් නේද කියලා.
ඒත් තව ටිකක් කියවනකොට මට ආයෙත් මම ඉහත සඳහන් කළ නම් ටික මතක් වුණා.
පහත පෝස්ට් එකේ තියන විදියට British Airways සමාගමේ දේශීය නියෝජිතය විදියට මේ අලුත් ගුවන් ගමන සංවිධානය කරන්නෙ කවුද දන්නවද?
Hayleys සමාගම.
ධම්මික පෙරේරා හේලීස් සමාගමේ ප්‍රධානියා. ඉතින් ධම්මික පෙරේරා ගෙ සමාගමක් බ්‍රිතාන්‍යයෙ ඉඳල ලංකාවට ආයෙත් බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් ගමන් සංවිධානය කරන එක වැරදිද? නෑ, කොහෙත්තම නෑ. ප්රශ්නය තියෙන්නෙ එතන නෙවෙයි.
ලන්ඩන් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන කියන්නෙ ලංකාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ලංකා සමාගමට කිසිම තරගයකින් තොරව විශාල ආදායමක් ලබා දෙන route එකක්. අසාමාන්‍ය තත්වයකදි ඇරෙන්න මම දන්න තරමින් කවදාවත් මේ route එකේ flight එකට මගීන්ගෙන් හිඟයක් නෑ. පැහැදිලිවම මේ route එකෙන් ලංකාවට විශාල විදේශ විනිමය ආදායමක් ලැබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වුණාට පස්සෙ Sri Lankan Airlines සමාගමට අලුත් සභාපතිවරයෙක් පත් කරනවා. ඔහු සරත් ගනේගොඩ. ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින් විකුණලා දාන්න පහුගිය ආණ්ඩුව ගත්ත තීරණය වෙනස් කරල ජාජබ ආණ්ඩුව සමාගම දිගටම ජනතා බදු මුදලින් නඩත්තු කරන්න තීරණය කරනවා. සරත් ගනේගොඩ කියන්නෙ වැටිල තිබුණ තැනින් සමාගම ගොඩගන්න ආණ්ඩුව තෝරගත්ත නිළධාරියා
සරත් ගනේගොඩ Sri Lankan Airlines සමාගමේ සභාපති වගේම Hayleys ව්‍යාපාර සමූහයේ අධ්යක්ෂවරයෙක්!
ඔබට හිතෙන්නෙ නැද්ද මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනව කියලා?
රජයට අයත් සමාගමක සභාපතිවරයෙක් පුද්ගලික සමාගමකත් අධ්යක්ෂ පදවියක් දරමින්, රජයට අයත් සමාගමේ ලාභ ලබන ව්‍යාපාරයක් අර කියපු පුද්ගලික සමාගමට ලබාගන්න දායකත්වය දැක්වීම හඳුන්වන්න පුලුවන් කොහොමද?
මීට කලින් මේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවෙ ඉඳලත් ජාතික ගුවන් සේවයේ තරගකාරී සමාගමක් එක්ක මේ වගේම ගුවන් ගමනක් සංවිධානය කළත් පස්සෙ ජනතා විරෝධය නිසා ඒක අකුලාගන්න සිද්ද වුණ බවත් මම වාර්තාවල දැක්කා.
ඇත්තටම සරත් ගනේගොඩ කරමින් ඉන්නෙ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ද? අවසාන විග්‍රහයෙදි මාලිමා ආණ්ඩුවෙ අභිලාෂයත් ඒකද?
සටහන සරෝජ් පතිරණ
