ලොව ප්‍රථම සර්ප සමුළුව 2026 දී ශ්‍රී ලංකාවේදී

ලොව ප්‍රථම වරට සංවිධානය කෙරෙන “ලෝක සර්ප සමුළුව” (First World Congress on Snakes) 2026 වසරේ ඔක්තෝබර් 01 සිට 04 දක්වා මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් (Grand Kandyan) හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

ලොව පුරා විද්‍යාඥයින් 350ක් පමණ සහභාගී වීමට නියමිත මෙම සමුළුවේදී සර්ප පරිසර විද්‍යාව, වර්ගීකරණය, පරිනාමීය ඉතිහාසය (phylogeny), සංරක්ෂණය, චර්යාවන්, නීතිවිරෝධී වෙළඳාම සහ සර්ප දෂ්ට කිරීම් පිළිබඳව පුළුල් ලෙස දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසේ. මෙම සමුළුවේ සභාපතිත්වය දරනු ලබන්නේ ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා මහතා විසිනි.

සමුළුව සඳහා ලියාපදිංචි වීම සහ පර්යේෂණ සාරාංශ (abstracts) ඉදිරිපත් කිරීම මේ වන විට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.worldsnakes26.com හරහා සිදු කළ හැකිය.

Social Sharing
නවතම පුවත්