
ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාදයන් හමුවේ, නඩු ඉවත දැමීම (Summary Dismissal) යනු නඩු විසඳීමේ හොඳම ප්‍රවේශය නොවේ. කරුණු සහ නීතිය විශ්ලේෂණය කරමින් ගුණාත්මකභාවය මත පදනම්ව නඩු තීන්දු ලබා දීමෙන් විනිසුරු මඩුල්ලට මෙන්ම නීතිඥ මණ්ඩලයට ද ප්රතිලාභ සැලසේ. එසේ නොමැතිව නඩු කඩිනමින් අවසන් කිරීමට පමණක් උත්සාහ කිරීම අධිකරණ ක්‍රියාකාරීත්වයට (Judicial Activism) බාධාවක් වන අතර නීති විද්‍යාවේ දරිද්‍රතාවයට ද හේතු වේ.
ඉහළ උසාවි සම්බන්ධයෙන් ගත් කල, යහපාලනයේ අත්‍යවශ්‍ය අංගයක් වන ‘තීරණයේ පදනම’ (Ratio Decidendi) වර්ධනය වීමට මෙය බාධාවකි. අධික අධිකරණ කාර්යභාරයක් මධ්‍යයේ වුවද, ගුණාත්මක විශ්ලේෂණයක් සහිතව නඩු තීන්දු ලබා දීමට කැපවීමෙන්, යුක්තිය ඉටු වනවා පමණක් නොව, එය ජාතික නීති උරුමය පෝෂණය කරමින් නීතියේ ආධිපත්‍යය ද තහවුරු කරයි.
උපුටා ගැනීම අසාත් ලෙබ්බේගේ ෆේස් බුක් සටහනෙනි.
