මෙරට බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවන් 817ක්

2025 වසරට අදාළ අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ප්‍රගති වාර්තාවට අනුව මරණීය දණ්ඩනය නියම වූ මෙරට හා විදේශීය සිරකරුවන් 817ක් මේ වනවිට දිවයින පුරා බන්ධනාගර ගත වී සිටින බව සඳහන් වේ.

එම වාර්තාවට අනුව 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 30 දින වන විට මරණිය දණ්ඩනය නියමවු දේශීය සිරකරුවන් සංඛ්‍යාව 81 දෙනෙකි. ඉන් පිරිමි සිරකරුවන් සංඛ්‍යාව 792ක් වන අතර කාන්තා සිරකරුවන් සංඛ්‍යාව 19 දෙනෙකි. විදේශිය සිරකරුවන් සංඛ්‍යාව 05 දෙනෙකි. මරණිය දණ්ඩනය නියම වූ ත්‍රස්ත සිරකරුවන් සංඛ්‍යාව 01කි.

මේ අතර ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින සිරකරුවන් 73 දෙනෙකු බන්ධනාගාරවල සිටින බවද මෙකි වාර්තාවේ සදහන් වේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයාට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මිට දිනකිහිපයකට පෙර මරණීය දණ්ඩනය නියම කරණු ලැබිය.

Social Sharing
නවතම පුවත්