වසර 14 කට පසු හෙට නීතිඥ සංගමයේ සියළුම සාමාජිකයන් කොළඹට රැස් කරයි!

අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිද අමානුෂික ලෙස ඝාතනය කිරීමට විරෝධය පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහා නීතිඥ සංගමයේ සියළුම සාමාජිකයන් කොළඹට කැදවමින් විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවැනි රැස්වීමක් පැවැත්වෙන්නේ වසර 14 කට පසුවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ තීරණයක් මත පැවැත්වෙන මෙම විශේෂ මහා සභා රැස්වීම නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී හෙට (15) සවස 3 ට පැවැත්වේ.

Social Sharing
අවකාශය නවතම