පකිස්ථානයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හතකට ජීවීතාන්තය දක්වා සිර දඬුවම්

පකිස්ථානයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් ත්‍රස්තවාදය පැතිර වූ බවට චෝදනා ලැබු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. එය නිද­හස් මාධ්‍ය­යට සහ භාෂණ නිද­හ­සට එල්ල කළ ප්‍රබල තර්ජ­න­යක් බව පාකි­ස්ථා­නයේ මානව හිමි­කම් සංවි­ධාන රැසක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ මාධ්‍ය ක්‍රියා­කා­රින්ට එරෙ­හිව එරට ත්‍රස්ත විරෝධී අධි­ක­ර­ණය මේ දඬු­වම නියම කර ඇත්තේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට එරෙ­හිව 2023 වසරේ මැයි නව වැනිදා පකිස්ථානයේ උද්ගත වූ විරෝ­ධ­තාව අත­ර­තුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රච­ණ්ඩ­ත්වය පතු­රු­වා­ලීමේ චෝද­නා­වට බවද වාර්තා වේ.

තවද සැක­ක­රු­වන් අධි­ක­ර­ණයේ පෙනී නොසිටි අව­ස්ථා­ව­කදී අධි­ක­රණ විනි­සුරු තාහිර් අබ්බාස් මේ දඬු­වම නියම කර ඇති අතර මේ සම්බන්ධයෙන් මානව හිමි­කම් සංවි­ධාන සඳහන් කරන්නේ  ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් පැන­වීම විම­ති­යට කරු­ණක් බවයි. සිර දඬු­වම් නියම වූ බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියා­කා­රින් මේ වන­විට විදේ­ශ­ග­තව සිටින අතර, සිර දඬු­ව­මට ලක්වීමේ අව­දා­නම හේතු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී නොසිටි බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්