
රුසියාවේ උසස් අධ්‍යාපනය සමත් වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් පැවතුනත් මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් වීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව එම ශිෂ්‍යයාව වහාම මෙරට විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න වන මෙම ශිෂ්‍යයා විසින් පෙත්සම ගොනුකර තිබිණි. මෙම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පෙත්සම්කරු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කොළඹ රාජකීය විද්‍යාලයේ සිටියදී පෙනිසිට ඇති අතර ඉන් සමත් වූ ඔහු, ඔහුගේ පියා හට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබී ඇති අතර එම නිසාවෙන් තමා රුසියාව බලා පිටත්ව ගිය බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත. එහිදී ඉන්දියානු, පකිස්ථානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජේෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ බවත් එය ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමාන විභාගයක් බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයඳුම් පතක් ඉදිරිපත් කළ අතර ඊට අදාල නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත මෙරට විදේශ කටයුතු අමාත්‍යශය විසින් ප්‍රතික්ෂේප කළ බවට ඔහු චෝදනා කරයි. ඒ අනුව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් එම සිසුවා සිය පෙත්සම තුළින් සඳහන් කර ඇත.
