
මේ ජාතික ඇඳුම අඳින උස හීන්දෑරි හාදයා ගැන මම ‘දැනගන්නේ’ අනූව දශකයේ මැද විතර මම ගත්ත ‘විවරණ’ සඟරාවක් හරහා. එහෙම වුනාට ඊට කලින් එයාගේ නම ගොඩක් තැන්වල තිබ්බ. විශේෂයෙන් ඒ වෙලාවේ දේශපාලන කණ්ඩායම් වල නම් එක්ක ගත්තම වෙනස් විදියේ නමක් වෙච්ච ‘ජනතා මිතුරෝ’ හරහා මේ නම කරළියට ආවා.
හරියටම මතක නැතත් ඒ සඟරාවේ යම් විවාදයක් ගියා පරණ ලෝකය සහ අලුත් ලෝකය ගැන. ඔය හීන්දෑරි හාදය හිටියේ පරණ ලෝකය පැත්තේ. එයා ලියපු එක ලිපියක තිබ්බ ට්රැක්ටරේට වඩා උදැල්ල කාර්යක්ෂමයි කියල. ඒ වෙනුවෙන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා තිබ්බ. අනික් පැත්තේ තර්ක කලේ වමේ කෙනෙක් වෙච්ච වසන්ත දිසානායක වෙන්න ඕනි.
මීට වසර තිහකට ඉස්සර ඉස්කෝලෙන් පස්සේ අපි සමාජයට එන කාලේ උනා උනත් මම ඒ උදැල්ලේ තර්කය එක්ක අනන්ය වුනේ නැහැ. ඉන් පස්සේ උද්යෝගයෙන් කවදාවත් මෙයා කියන දෙයක් ඇහුවෙත් නැහැ.
ඒ පොරම මම දැක්ක දිත්වා එකෙන් පස්සේ ජලාශ වාන් ඇරීම ගැන මාර විද්යාත්මක තර්ක ගොඩක් ගේනවා. උදැල්ලෙන් පස්සේ මම අහපු එකම එක ප්රෝග්රෑම් එක ඒක.
මොරටුව විශ්ව විද්යාලෙට ගිය එකෙක් කොළඹ විශ්ව විද්යාලේ වැඩවලට එහෙ මෙහෙ ගිය එකෙක් මෙච්චර කුරුවල් උනේ කොහොමද කියන්න මට තවමත් තේරුම්ගන්න බැහැ.
උදැල්ලේ දවසින් පස්සේ මම ඉතාම ඕනෑකමින් මෙයාගේ කතාවලින් සහ වැඩවලින් ඔළුව නරක් නොකරගන්න හිතාගත්ත. ඉතින් මම කවදාවත් ඔය රෙද්ද වේට්ටිය විශ්වාස කළේ නැහැ. මම ඩෙනිම් ඇන්ද. ඇමෙරිකන් රොක් ඇහුව.
ලෝකය දිනන්න, ගෝලීය දැනුමේ නිම්වළලු පුළුල් කරගන්න අසවල් වැදගත් පොත කියවපන් කිව්වේ නැති එකෙක් මූ. ලෝකයේ ජාතිකවාදය පවා තියනවා යම් යම් විශ්වීය වටිනාකම් එක්ක අත්වැල් බැඳගත්ත. නමුත් මෙයා දේශනාකළේ එහෙම එකක් නෙවෙයි.
මහින්ද එක්ක එකතුවෙලා කොටි මරණ කොටත් මම මහින්දවත් ගණන්ගත්තේ නැහැ. අපි අදහස් වශයෙන් හිටියේ වෙනත් තැනක. අදටවත් මේ උන්දැ ඒ උදැල්ලේ කතාව වෙනස්කරගෙනද මම දන්නේ නැහැ.
ඩඩ්ලි සිරිසේන මේ උදැල්ලේ කතා ගැන අහන්නේ නැතුව ටැක්ටරෙන් ලොරියක් ගත්ත. ලොරියෙන් ලොරි සිය ගණනක් ගත්ත. අන්තිමට රෝල්ස් රොයිස් එකක් ගත්ත. පසුකාලයේ
උදැල්ල මතවාදය වගේ එකක් පොළොවේ පැළකරන්න ගිය ගෝඨාභය මහතා හැරෙන තැපෑලෙන් නැවේ නැගල ගෙදර ආව.
ඩඩ්ලිගේ බිස්නස් වැඩ මොනා වුණත් එයා සමාජයක් ආපසු හරවන්න මතවාදී දායකත්වයක් නොකරපු කෙනෙක්. එතැනදී ඩඩ්ලි ඉන්නේ මේ පොරට ඉස්සරහින්.
මතවාදී විදියට ගත්තම ලංකාවට විශාල හානියක් කරපු කෙනෙක් චම්පික. අපේ පරම්පරාවේ සමහරු එක්කෝ අහුවුනා. අහුවුනේ නැති උන් මිල්ලේ සොයා යුරෝපෙට පැනගත්ත.
අපි මේ රටේ ඉඳගෙන කන් වහගෙන හිටිය. අපි එහෙමයි මුං වගේ එවුන්ගෙන් බේරුණේ.
උපාධියක් නැති ඩඩ්ලි සිරිසේන මට චම්පිකට වඩා සිය ගුණයක් වටිනවා. අදහස් දක්වන්න කෙනෙක් ඇත්තෙම නැත්නම් අපි ඩඩ්ලිට කියමු.
ප ලි : විවරණ නෙවෙයි දියැස සඟරාව
සටහන – මහේෂ් හපුගොඩ
