ලංකා දේශපාලනයේ දී “ලිංගික දිශානතිය” කිසිඳු බාධාවක් වූයේ නැත.

Sexual orientation and politics

අගමැතිවරුන් සිව් දෙනෙකු, ජනාධිපතිවරයෙකු, කතානායකවරයෙකු ඇමතිවරු රැසක් ඔවුන්ගේ ලිංගික රැචි අරුචිකම් නොතකා ඉහළම මනාපයෙන් ඉහළ තනතුරු සඳහා පත්ව ඇත. ඔවුන් සිය ධූර කාලයන්හි දී කළ කී දෑ මිස වෙනත් කිසිවක් මිනිසුන්ට වැදගත් වූයේ ද නැත.

මධ්‍යම පලාතේ ආණ්ඩුකාර ධූරයට ලිංගික විපර්යාසයකට ලක් වූ අයෙකු පත් වූ අතර, ඇය තම වෘත්තීය වගකීම් ඉහළින්ම ඉටු කරනු ලැබීය. සමාජ, සංස්කෘතික හා ඓතිහාසික සිරිත් රැකගත්තාය.

මේ ආණ්ඩුව බලයට පත්වීමත්ම සමඟම ලිංගික දිශානතිය අමුම අමු මැජික් එකක් බවට පත් කර ගෙන ඇත. රජයේ ඉහළම තනතුරු දෙකක සිටින පුද්ගලයින් තම රැචිකත්වයන් සැඟවීමට දක්වන උත්සාහය නිසා නැති ප්‍රශ්න රැසක් ඇති කර ගනිමින් ඇත.

දරුවන් ලිංගික සහකරුවන් බවට පත් කර ගැනීම සඳහා පුහුණු කිරීමට ‘වැල ලින්ක්’ මොඩියුලවලට බස්සවා පළමු අවුල සදාගත්තේය.

දැන්, දෙවන අවුල, අපරාධි විධි විධාන සංග්‍රහයේ 135 අ වගන්තිය යටතේ වන වරදක් ‘ඇසින් දුටු බව’ නිසා පාර්ලිමේන්තුවේ දෙවන ඉහළම තනතුර දරණ පරිපාලන නිලධාරිවරයා ඉවත් කර ඇති බවට කතා පැතිරෙමින් ඇත.

රාජ්‍ය ධූරාවලියේ ඉහළම තැන් දෙකක පුද්ගලයින්ට එදා තිබුණේ නැති ප්‍රශ්නයක් අද මතුව ඇත්තේ ඇයි? සරළය.

මිනිස්සු තම ආණ්ඩුකරණයේ වගකීම් ඉටු කරන නායකයින්ගේ පුද්ගලික ජීවිත ඔවුන්ගේ ලිංගික ජීවිතය සමඟ පටලවා ගත්තේ නැත.

දැන් වැඩ කෙරෙන්නේ නැත. අධ්‍යාපනය එකම අවුල් ජාලයකි. අකාර්යක්ෂමතාවයේ සලකුණකි. පාර්ලිමේන්තුවේ කිසිදු කතානායකවරයෙකු ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි පක්ෂපාතී ආකාරයකට හැසිරී ඇති දැයි සැක සහිතය. කතානායකවරුන් ආණ්ඩු පක්ෂයට යම් ඉඩක්/ලැදියාවක් දැක්වීම සාමාන්‍ය තත්වයක් නමුත් සභාවේ දී අසාමාන්‍ය ලෙස මාලිමාකරණය තුලින් පක්ෂග්‍රාහීත්වයේ නිරුවත කැත ලෙස එළියට පැන ඇත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ට එල්ල වී ඇති නිල චෝදනාව වැඩ තහනම් කිරීමට කිසිදු හේතුවෙක් නොවේ. අවම වශයෙන් ඒ චෝදනාවට මුලික විමර්ශනයක් හෝ පවත්වා නැත.
රිට් පෙත්සමක්, බොහෝ විට පුද්ගලික නඩුවක් පවා මේ වැඩ තහනම් කිරීම සම්බ්න්ධයෙන් ගොණුවීම නොවැලැක්විය හැකි වනු ඇත.

ඉතිහාසය පුරා බලයේ සිටි මන්ත්‍රීවරුන් ලෙසම මේ පාර්ලිමේන්තුවේ ද, සමලිංගිකයින් සිටිති. වෙනසකට ඇත්තේ, තමන්ට පැවරුණු වගකීම ඉටු කරමින් සිටින්නේ ද, නැති ද යන්න පමණී.

රජිත් කීර්ති තෙන්නකෝන්
– රජිත් කීර්ති තෙන්නකෝන්
Social Sharing
අවකාශය නවතම