IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ණය පහසුකම!

IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය දෙසැම්බර් 19 වන දින රැස්වීමට නියමිත අතර, එහිදී ‘Rapid Finance Instrument’ (RFI) හෙවත් කඩිනම් මූල්‍ය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ණයක් ලබා දීම පිළිබඳව සලකා බැලීමට නියමිත බව එම අරමුදලේ වෙබ් අඩවියේ පළ කර ඇත.

පසුගිය නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 200ක ණයක් මෙම පහසුකම යටතේ ඉල්ලා ඇත. මෙම RFI ණය ක්‍රමය සඳහා සමාලෝචන ක්‍රියාවලියක් (Reviews) නොමැති අතර අදාළ මුදල එකවර ලබා දෙනු ලැබේ.

ලබන වසරේ රාජ්‍ය වියදම් අවම වශයෙන් රුපියල් බිලියන 500කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. වත්මන් IMF වැඩසටහනේ ඉලක්ක පදනම් වී ඇත්තේ 2026 අයවැය මත බැවින්, මෙම වියදම් ඉහළ යාම එම අයවැය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට හේතු වනු ඇත.

මුලින් දෙසැම්බර් 15 වන දිනට නියමිතව තිබූ වැඩසටහන් සමාලෝචනය සම්පූර්ණ කිරීම වෙනුවට, නව මූල්‍ය තත්ත්වයන්ට අනුකූලව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව නැවත සාකච්ඡා කිරීම සඳහා IMF කණ්ඩායමක් 2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කෙරේ.

ඇඩ්වොකාටා AdvocataPlus
Social Sharing
අවකාශය නවතම