
මාතර තිහගොඩ ප්‍ර දේශයේ මොණර පිහාටු එකතු කිරීමට ගිය පාසල් සිසුවකුට පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබා මාරාන්තික බරපතළ තුවාල සිදු කිරීමට එරෙහිව ගොනු කරනු ලැබූ SC/ FR/ 157/ 23 දරණ මූලික අයිතිවාසිකම් නඩුව අද (05) දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ හා වගඋත්තරකාර පාර්ශවයේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී පෙත්සම විභාගයට අවසර ලබා දෙන ලදී.
ඒ අනුව නඩු විභාගය ලබන වසරේ ජූනි මස 02 දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවීමට නියමිත අතර එක සිට පස්වන වගඋත්තරකරුවන්ට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව හා 12 (1) ව්‍යවස්ථාව කඩ කිරීමට අදාළව මෙම නඩුව විභාගයට නියම කෙරුණි.
මෙහි පළමු වගඋත්තරකරු සහකාර පොලිස් ස්ථානාධිපතිවරයකු වන අතර, 2 සිට 4 දක්වා වගඋත්තරකරුවන් පොලීසියේ සැරයන් නිලධාරීන් වෙයි. පස්වන වගඋත්තරකරු පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම නඩුවේ පෙත්සම්කාර තුවාල ලැබූ පාසල් සිසුවාගේ මව වෙනුවෙන් නීතිඥ ඩයනි පණ්ඩිතරත්න මහත්මියගේ උපදෙස් මත නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පෙනී සිටින ලද අතර මෙම තුවාල ලැබූ වින්දිත පාසල් සිසුවා වෙනුවෙන් වෛද්‍ය ආධාරද, මූල්‍ය ආධාරද, නඩු කටයුතු සම්බන්ධයෙන් නීති ආධාරද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ලබා දෙනු ලැබේ.
2022 ඔක්තෝබර් මස 28 වන දින සිදුවූ මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා එතැන් සිට වසර දෙකකටත් අධික කාලයක් ඇද මත එකම ඉරියව්වවෙන් සිටීමට සිදු වූ අතර මේ වන විට තරමක් සුවය ලබා යම් පමණක් තව අයකුගේ වාරු ඇතිව සිට ගැනීමට හැකියාව ලබා ඇත. මේ දක්වා ඔහුගේ සියළු අධ්‍යාපන කටයුතුද ළමයකු ලෙස ජීවිතයේ කටයුතු ද සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වී ඇති අතර මව සහ පියාට ඔහුගේ රැක බලා ගැනීම වෙනුවෙන් දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇත.
මෙම සිදුවීම ගැන තවත් තොරතුරු පහත සබැදියන් ඔස්සේ…
