
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් HIV/STI (ලිංගාශ්‍රිත රෝග) වැළැක්වීමේ ක්‍රමවේදයන් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් 10 ශ්‍රේණියේ විද්‍යා පෙළ පොතට කොන්ඩම් භාවිතය, පෙර නිරාවරණ ප්‍රතිකාර (PrEP) සහ පසු නිරාවරණ ප්‍රතිකාර (PEP) ඇතුළත් කිරීමට නියමිතයි.
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය පවසන ආකාරයට දැනට පාසල් විෂය නිර්දේශයේ විද්‍යා සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන පෙළපොත්වල HIV වැළැක්විය හැක්කේ “වගකිවයුතු ලිංගික හැසිරීම්” මගින් පමණක් බව සඳහන් වුවත්, නිශ්චිත ජෛව වෛද්‍ය ක්‍රමවේද පිළිබඳව සඳහනක් නොමැති බවයි.
එමගින් සිසුන් ප්‍රමාණවත් තරම් දැනුවත් නොවන බව ජාතික ඒඩ්ස් සභාවේ මෑතකාලීන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එතුමිය සඳහන් කරන ආකාරයට 2024 ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ (GSHS) දත්ත අනුව, සිසුන්ගෙන් 63%ක් පමණක් HIV/AIDS ගැන අසා ඇති අතර, 2016 වසරේදී මෙම අගය 77%ක් වූ බවද ඇය පෙන්වා දී තිබේ. එසේම, පන්ති කාමරයේදී HIV ආසාදනය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉගැන්වීම ලැබූ සිසුන්ගේ සංඛ්‍යාව 2016 දී 67.1% සිට 2024 දී 44.2% දක්වා පහත වැටී ඇති බවටයි වාර්තා වන්නේ 4.6%ක් වූ සිසුන් පිරිසක් ලිංගික සබඳතා පවත්වා ඇති බව පිළිගෙන ඇති අතර, මෙය කඩිනම් අධ්‍යාපනයේ අවශ්‍යතාවය අවධාරණය කරන බවද ඇය සඳහන් කර තිබේ.
මෙම ගැටලු සඳහා විසඳුම් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යුනෙස්කෝ මාර්ගෝපදේශ අනුව “ජීවිතය ඉගෙන ගනිමු” (Let’s Learn Life) නමින් නව විස්තීර්ණ ලිංගික අධ්‍යාපන පැකේජයක් සකස් කරමින් සිටින බවද වාර්තා වෙයි. වැඩිදුරටත් ඇය සඳහන් කර සිටින්නේ විෂය නිර්දේශය සංශෝධනය කිරීමට අමතරව, ගුරුවරුන් සහ පාසල් උපදේශකවරුන් සඳහාද HIV වැළැක්වීමේ උපාය මාර්ග පිළිබඳ පුහුණුවක් ලබා දීමට නියමිත බවයි.
