පොලිස් උසස්වීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පොලිස්පතිට ලිපියක්

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යොමුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් තීරණය කිරීමේදී අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක නොතකා ඒ වෙනුවට සලකා බැලිය යුතු වෙනත් මිනුම් දඬු ඔවුන් විසින් නිර්දේශ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා පොලීසිය සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම සහ අනෙකුත් ආයතනික ප්‍රතිසංස්කරණ යන මැයෙන් මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවට වාර්තා වේ.

තවද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් තවදුරටත් සඳහන් කර ඇත්තේ වධහිංසා පැමිණවීම වැළැක්වීම, අත්අඩංගුවේදී සිදු වන මරණ වැළැක්වීම වැනි ප්‍රධාන මානව හිමිකම් තේමා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් මට්ටමේ අධ්‍යාපන වැඩසටහන් රාශියක් පවත්වා ඇති බවයි.

එසේම කොමිෂන් සභාව විසින් එහි වධහිංසා වැළැක්වීමේ ජාතික යන්ත්‍රණය මඟින් පොලිස් ස්ථාන පරීක්ෂා කරන බව ද අදාළ ලිපිය මඟින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

නීතියට අනුව තම රාජකාරි කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ සෑම නිලයකටම අවශ්‍ය වන මානව හා භෞතික සම්පත් ගැන තක්සේරුවක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක ඇමැතිවරයා වෙත නිර්දේශ කිරීමට කොමිෂන් සභාව අදහස් කරන බව ද එහි දැක්වේ.

 

Social Sharing
අවකාශය නවතම