වාහන ආනයන සදහා ඇති දැඩි උනන්දුව හේතුවෙන් පසුගිය මාස 5ක කාලය තුළ පමණක් වෙන් කරන ලද මුදලින් හතරෙන් තුනකට ආසන්න මුදලක් වාහන ආනයන වෙනුවෙන් ණය වර ලිපි විවෘත කර ඇති බව වාර්තා වේ. ඒ් අනුව පසුගිය මාස 5 තුළ ඩොලර් මිලියන 742ක ණයවර ලිපි විවෘත කර මේ වන විට වාහන 18,000ක් ආනයනය කර ඇති බව ලංකාදීප වාර්තා කරයි.
වසර 5ක් තිස්සේ වාහන ආනයනයට පනවා තිබු සීමා නව රජය විසින් පසුගිය පෙබරවාරි 1දා සිට ලිහිල් කරන ලදී. ඒ අනුව 2025 වර්ෂය සදහා වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වෙන්කරන බව රජය පවසා තිබුනි.
මේ සම්බන්ධව අදහස් දක්වන මහා භාණ්ඩාගාරය මෙම තත්ත්වය විදේශ සංචිතවලට සෘණාත්මක බලපෑමක් ඒල්ල විය හැකි බැවින් ඒය මගහරවා ගැනීම සදහා සුදුසු පියවර ගන්නා ලෙස මහ බැංකුවට දන්වා ඇති බව වාර්තා වේ.
සංචිත වල ඇති ඇමරිකාණු ඩොලර් විශාල වශයෙන් පිටතට ඇදී යාම නිසා මෙරට නිළ විදෙස් සංචිත වලට මෙන්ම විනිමය අනුපාතයන්ට ද බලපෑමක් එල්ල කරුණු ඇති බවත් ඒහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ඉන් බලපෑමක් එල්ලවිය හැකි බවත් මහා භාණ්ඩාගාරය මහ බැංකුවට පෙන්වා දී තිබේ.
නමුත්, වාහන ආනයනය නිසා ශ්‍රී ලංකා රේගුව මේ වන විට රු.බි. 220ක බදු ආදායමක් උපයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසා ඇති බව ලංකාදීප පුවත්පත අද වාර්තා කර තිබුනි.